header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වනවාසල අනතුර ගැන නවතම හෙළිදරව්ව
May 17, 202601:56 PM
වනවාසල අනතුර ගැන නවතම හෙළිදරව්ව
Mobitel 1278

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන ලෙසත් ලොකෝමෝටිව් ඉංජිනේරු සංගම‍ය ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ රාත්‍රී මුර සංචාර සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය.

එමෙන්ම දුම්රිය ධාවනයේදී රියදුරා විසින් නිරීක්ෂණය කර දක්වන කරුණු මත පාලක මැදිරිය හෝ වෙනත් අංශ සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කරන මෙන් ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථම එම මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරු විසින් වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් ඇති බවට දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමක් කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා,

''පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථමයෙන් දුම්රියන් දෙකක් එතනින් ධාවනය වුණා.. එතකොට ඊට ප්‍රථමයෙන්ම එතනින් ධාවනය වුණා අංක 84 දරන දුම්රිය. ඒ කියන්නේ, ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය. එම දුම්රියේ රියදුරු මහතාට වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ සමඟ එයා එතන දුම්රිය නවත්වලා ඒ පිළිබඳව දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම ඒ දැනුම් දීමට කටයුතු කිරීමෙන් පසුව, එතනින් ලැබුණු උපදෙස් මත තමයි ඉදිරියට දුම්රිය ධාවනය කරලා තියෙන්නේ. ඊට පසුව කන්කසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියත්, අර දුම්රියේ ප්‍රමාදය මත වනවාසල දුම්රිය ස්ථානය අසල පාලන සංඥාවේ නතර කරලා තමයි ධාවනය කරලා තිබෙන්නේ. ඊට පසුව පැමිණි අංක 507 දරන දුම්රිය තමයි මේ අනතුරට ලක්වුණේ. එතකොට ඒ දුම්රියත් එම දුම්රිය ස්ථානයේ නවත්තලා තමා ධාවනය කරලා තියෙන්නේ.

ඇත්තටම මේ සිද්ධ වෙලා තියෙන්නේ කසළංගනයට යොදා තිබෙන ප්‍රධාන මාර්ගය සමඟ යොදා තිබෙන පයින්ටුව (Point) යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිද්ධ වෙච්ච දෝෂයක් හේතුවෙන්. මෙහිදී ඇත්තටම අපිට සංගමයක් විදිහට ඉල්ලන්න තියෙන්නේ, මීට කලින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී මුර සංචාරය සඳහා යොදවා තිබුණු, මාර්ග කර්මාන්ත අංශයෙන් යොදවා තිබුණු ඒ මුර සංචාර සේවා කටයුතු දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී මේ වැනි අනතුරු වළක්වා ගැනීමට එම සේවා වාර වහාම යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙම දුම්රිය ධාවනයේදී දුම්රිය රියදුරා විසින් දකින සහ එයා නිරීක්ෂණය කරලා දක්වන කරුණු සහ ඒ නිරීක්ෂණය කරන දේවල් මත දුම්රිය පාලක මැදිරිය හෝ වෙනත් අංශ කරන දැනුවත් කිරීම් පිළිබඳව නිසි බරකින් යුතුව කටයුතු කරන්න කියන ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා."

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ