header logo
SLIC
උණුසුම් පුවත්
දුම්රිය පිලී පැනීම ගැන පරස්පර කතා
May 16, 202606:45 PM
දුම්රිය පිලී පැනීම ගැන පරස්පර කතා
Mobitel 1278

වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයට කිසියම් පුද්ගලයෙකු විසින් හානි සිදු කිරීම අද (16) උදෑසන සිදු වූ දුම්රිය පීලි පැනීමට හේතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුව හරහා සිදු කළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී ඇති බව දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසූවේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී දුමිරිය මාර්ගයේ යකඩ කොටස් ගලවා රැගෙන යාමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරන බව සඳහන් වේ.

අද (16) අළුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රිය වනවාසල හා කැලණිය අතර දුම්රිය මාර්ගයේදී පීලි පැනීමකට ලක්ව තිබුණි.

එහිදී දුම්රියේ මැදිරි 03ක් පීලි පැනීමකට ලක්ව තිබූ අතර, ඉන් එක් මැදිරියක් සම්පූර්ණයෙන්ම මාර්ගයෙන් ඉවතට පෙරලීගොස් තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම අනතුරින් දුම්රිය මගීන් 10දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද සඳහන්..

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා,

"මේ පීලි පැනීම සිද්ධවෙලා තියෙන ස්ථානය තියෙනවා කොළඹ ඝන අපද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයට හදපු දුම්රිය මාර්ගයක්.. එතන ප්‍රධාන මාර්ගයෙන් වෙන්ව බිඳීයන මාර්ගයක් තියෙනවා. අන්න ඒ බෙදී යන ස්ථානයේ තමයි මේ පීලි පැනීමට ලක්වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම මෙම පීලි පැනීමට හේතුව පිටස්තර පුද්ගලයෙක් මාර්ගයේ තිබ්බ කොටස් ගලවාගෙන යාම. ඒක සම්බන්ධයෙන් ඒ අදාල පුද්ගලයා මේ වෙද්දි ශ්‍රී ලංකා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දෙපාර්තමේන්තු මට්ටමෙන් දෙපාර්තමේන්තුවෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ වෙද්දි පීලිගත කිරීම් අවසන් වෙලා තියෙනවා. ඒ වගේම දුම්රිය දැන් තව ස්වල්ප වේලාවකින් පීලි පැනපු දුම්රිය කොළඹ බලා ධාවනය කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ හානියට පත් වෙච්ච මාර්ගය තවත්වන්න. ඒකත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා."

කෙසේ වෙතත් දුම්රිය මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ එස්.ආර්.සී.එම් සේනානායක මහතා,

"මාර්ගයේ තත්ත්වය විශේෂයෙන් දැනගන්න පුළුවන් හොඳම පුද්ගලයා තමා දුම්රිය එන්ජින් රියදුරුවරයා. මොකද, නියමිත ගමන් වාර දිනක් තුළ ධාවනය වුණායින් පස්සේ මාර්ගයේ නියමිත තත්ත්වය දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමා දුම්රිය රියදුරන්ගේ මේ සම්බන්ධයෙන් විමසන එක. බොහෝ අනතුරු වළක්වාගෙන තියෙනවා, බොහෝ සංඥාවල දෝෂ දුම්රිය රියදුරන් හඳුනාගෙන ඒවා දැනුම් දීලා වළක්වාගෙන තියෙනවා. මේ සිදුවීමත් වෙන්න කලිනුත් අද උදෑසනත් එතන සංඥාවක ගැටලුවකුත් දුම්රිය රියදුරුවරයෙක් අපේ දැනුම් දීලා තියෙනවා. මේවා හරියාකාරයෙන් කරලා මේ අදාළ බලධාරීන් මේ දුම්රිය එන්ජින් රියදුරන් සමඟ මේ සාකච්ඡාවක් ගොඩනගා ගන්නේ නැති එකේ ඔය ගැටලුවක් අපි දිගින් දිගටම සඳහන් කරලා තියෙනවා. අපි හිතන්නේ නෑ මේක මෙතනින් නවතියි කියලා මොකද, මේ මාර්ගවල තත්ත්වය ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේ දුම්රියවල තත්ත්වයත් ධාවනයට නුසුදුසු තත්ත්වයන්වල තමා මේ දුම්රියන් තියෙන්නේ. එතකොට මේවා මේ ධාවනයට යොදවලා මේ වෙන දේවල්වලින් සෑහෙන ගැටලුකාරී තත්ත්වයන් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්."

"වනවාසල දුම්රිය ස්ථානයේදී මේ දුම්රිය නවතලා නැවත ගමන් ආරම්භ කරපු සැනින් තමා මේ දුම්රිය පීලි පැනීමට ලක්වෙලා තියෙන්නේ. වේගය පැයට කිලෝමීටර් 10කට 20කට ආසන්න ප්‍රමාණයකට තියෙන්න ඇති. සාගරික දුම්රිය පීලි පැනපු අවස්ථාවේදී දෙපාර්තමේන්තුවේ පැත්තෙනුත් ලොකු කතන්දරයක් ගියා මේ දුම්රිය වේග වැඩියි, මේ සම්බන්ධය ගැටලු තියෙනවා කියලා. නමුත් දැන් මෙතන පැයට කිලෝමීටර් 20කටත් අඩු වේගයකින් ධාවනය කරන දුම්රියක් පීලි පැන්නහම වෙන තත්ත්වය අද ඕගොල්ලොන්ට දැකගන්න තියෙනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරමින් පවතිනවා. වසර ගණනාවක් තිස්සේ මේ මාර්ග කටයුතු හරියාකාරයෙන් සිදු කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා, නමුත් ඒ කිසි දේකට නියමිත පරිදි අදාළ බලධාරීන්, පාලනාධිකාරිය ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමා මේ සිද්ධියත් වෙලා තියෙන්නේ."

එමෙන්ම මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සුමේද සෝමරත්න මහතා ද අදහස් පළ කළේය.

"මේ වෙනකොට මගියාට දුම්රිය ගමන පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මේ සඳහා විසඳුම් අපිට පේන්නේ නෑ දෙපාර්තමේන්තු මට්ටමෙන් හරියාකාරව සිද්ධ වෙනවා. අමාත්‍යවරයා විවිධ කතා කිය කියා ගියාට පැහැදිලි දෙයක් නෑ. අවම තරමෙන් මෙහෙම නම් මගී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මගියාට සුවිශේෂී රක්ෂණාවරණයක්වත් දෙන තැනකට ඉදිරියේදී කටයුතු කරන්න කියන යෝජනාව අපි රජයට කරනවා. හැමදාම සිද්ධ වුණේ අටුව කඩලා පුටුව හදන එක. අපි මේක දිගින් දිගටම කිව්වා මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න, නිවැරදි ආකාරයට මේවා නඩත්තු කිරීම් කරන්න කියලා නමුත් ඒක සිද්ධ වෙලා නෑ. අද මේ වෙනකොට කියන්න කනගාටුයි, අද අටුවත් නෑ පුටුවත් නෑ තැනකට තමයි දෙපාර්තමේන්තුව පත් වෙලා තියෙන්නේ. ඇමතිතුමයි නියෝජ්‍ය ඇමතිතුමයි පීල්ලට වැටිලා ඇති නමුත් මගීන් සහ සේවකයෝ අපි පීල්ලෙන් එළියට වැටිලා තියෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප