header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දුම්රිය අනතුර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පොලීසියට පැමිණිල්ලක්
May 16, 202602:30 PM
දුම්රිය අනතුර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පොලීසියට පැමිණිල්ලක්
Mobitel 1278

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ අනතුරට හේතුව බවට මේ වන විට වාර්තා වි ඇත්තේ දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවත් පැවසූ ඒ මහතා මේ වන විට පොලීසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සහ අනතුර සම්බන්ධව විමර්ශනයක් සිදුකරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසංක සමරසිංහ මහතා,

"මෙම අනතුරට දැනට අපිට නිරීක්ෂණය වෙන හේතුව සොලිඩ් වේස්ට් සයිට් එකට යන්න හදපු මාර්ගය සහ ප්‍රධාන මාර්ගය අතර පයින්ටුවක් තියෙනවා පාරවල් මාරුවන. මේ පාරවල් මාරුවන පයින්ටුවේ තියෙනවා යකඩ බාර් පාර මාරු කරන්න. මේ බාර් යම්කිසි හිතාමතා හෝ කඩාකප්පල්කාරී ලෙස හෝ සොරකමක් වශයෙන් හෝ යම් කිසි පිරිසක් මේක ගලවලා තියෙනවා. මේ ගැලවීම නිසා අර පයින්ටුව ලිහිල් වෙලා මෙම දුම්රියේ ඉදිරි මැදිරිය ප්‍රධාන මාර්ගයේත් පිටිපස මැදිරිටික අර සොලිඩ් වේස්ට් එකෙත් ගමන් කිරීම නිසා මෙම බලවේග කට්ටලයේ දෙවැනි මැදිරිය පාරවල් දෙකේ ගමන් කරලා පෙරළීමකට ලක්වෙලා. මේ සම්බන්ධව අපි පොලීසියට පැමිණිලි කරලා තියෙනවා. පොලීසියේ විශේෂ යුනිට් එකක් ඇවිත් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරනවා. මේ වන විට පොලීසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා."

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශන අනුව දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවෙකු බවය.

සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

එමෙන්ම සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

අද අලුයම සිදුවූ මෙම අනතුරින් මගීන් 12 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත්ය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ