වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

May 16, 2026   06:21 am

වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත.

අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

මෙම දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.