header logo
SLIC
උණුසුම් පුවත්
අඩු පීඩන තත්ත්වය තවදුරටත් - ඉදිරි දින කිහිපයෙත් වැසි
May 15, 202609:21 PM
අඩු පීඩන තත්ත්වය තවදුරටත් - ඉදිරි දින කිහිපයෙත් වැසි
Mobitel 1278

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතියේ බලපෑමෙන් අද (15) රාත්‍රියේත් බස්නාහිර හා සබරගමුව ඇතුළු පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

මේ අතර, කුඩාගඟ සහ මගුරගඟ අවට පහත්බිම් මෙන්ම අත්තනගලු ඔය අවට පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩුපීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් රැසකට මහවැසි ඇදහැලෙමින් පවතියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවය.

ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ සිට කඩින්කඩ තද වැසි ඇදහැලුණි.

අද උදෑසන 8.30ට අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටියෙන් වාර්තා වූ අතර අතර එය මිලිමීටර 193ක්.

ඊට අමතරව අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායෙන් මිලිමීටර 175ක්, ආඬිගමෙන් මිලිමීටර 167ක්, අවිස්සාවේල්ලෙන් මිලිමීටර 163ක් වේයන්ගොඩින් මිලිමීටර 162ක් සහ කිරිඳිවැලින් මිලිමීටර 160ක් ලෙස වර්ෂාපතනය ලැබී තිබේ.

කැලණි ගඟේ ජල මට්ටම මේ හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ සිට වැඩිවීමක් සිදුවුවද, තවමත් එය අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟාවී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අත්තනගලු ඔයේ දූනමලේ මිනුම් මධ්‍යස්ථානය සහ අවට ප්‍රදේශවලට ද මිලිමීටර් 176ක වර්ෂාපතනයක් ලැබී තිබුණි.

කෙසේවෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවුලපිටිය, මීරිගම,අත්තනගල්ල,මහර,ගම්පහ,මිනුවන්ගොඩ,ජාඇල,කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.

මේ අතර කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම සහ තවදුරටත් වර්ෂාව පැවතීම සැලකිල්ලට ගනිමින් පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළේය.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

කළුගඟේ මිල්ලකන්ද ජල මාපාංකය අද පස්වරු 03 වනවිට මීටර 7ක් ලෙස සටහන් වූ අතර එය සුළු ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තු සඳහන් කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ගංඟා ආශ්‍රිත පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසය.

කුකුලේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීමත් සමඟ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් යටව ඇති අතර ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම පවතින වැසි තත්ත්වයත් සමඟ මෙරට දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 1 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 6ක් සඳහා අදියර 2 යටතේ නායයෑම් අවදානම් නිවේදන ද නිකුත් කෙරිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතින බවය.

මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප