header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අඩු පීඩන තත්ත්වය තවදුරටත් - ඉදිරි දින කිහිපයෙත් වැසි
May 15, 202609:21 PM
අඩු පීඩන තත්ත්වය තවදුරටත් - ඉදිරි දින කිහිපයෙත් වැසි
Mobitel 1278

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතියේ බලපෑමෙන් අද (15) රාත්‍රියේත් බස්නාහිර හා සබරගමුව ඇතුළු පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

මේ අතර, කුඩාගඟ සහ මගුරගඟ අවට පහත්බිම් මෙන්ම අත්තනගලු ඔය අවට පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩුපීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් රැසකට මහවැසි ඇදහැලෙමින් පවතියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවය.

ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ සිට කඩින්කඩ තද වැසි ඇදහැලුණි.

අද උදෑසන 8.30ට අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටියෙන් වාර්තා වූ අතර අතර එය මිලිමීටර 193ක්.

ඊට අමතරව අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායෙන් මිලිමීටර 175ක්, ආඬිගමෙන් මිලිමීටර 167ක්, අවිස්සාවේල්ලෙන් මිලිමීටර 163ක් වේයන්ගොඩින් මිලිමීටර 162ක් සහ කිරිඳිවැලින් මිලිමීටර 160ක් ලෙස වර්ෂාපතනය ලැබී තිබේ.

කැලණි ගඟේ ජල මට්ටම මේ හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ සිට වැඩිවීමක් සිදුවුවද, තවමත් එය අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟාවී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අත්තනගලු ඔයේ දූනමලේ මිනුම් මධ්‍යස්ථානය සහ අවට ප්‍රදේශවලට ද මිලිමීටර් 176ක වර්ෂාපතනයක් ලැබී තිබුණි.

කෙසේවෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවුලපිටිය, මීරිගම,අත්තනගල්ල,මහර,ගම්පහ,මිනුවන්ගොඩ,ජාඇල,කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.

මේ අතර කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම සහ තවදුරටත් වර්ෂාව පැවතීම සැලකිල්ලට ගනිමින් පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළේය.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

කළුගඟේ මිල්ලකන්ද ජල මාපාංකය අද පස්වරු 03 වනවිට මීටර 7ක් ලෙස සටහන් වූ අතර එය සුළු ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තු සඳහන් කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ගංඟා ආශ්‍රිත පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසය.

කුකුලේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීමත් සමඟ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් යටව ඇති අතර ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම පවතින වැසි තත්ත්වයත් සමඟ මෙරට දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 1 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 6ක් සඳහා අදියර 2 යටතේ නායයෑම් අවදානම් නිවේදන ද නිකුත් කෙරිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතින බවය.

මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ