header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අමෙරිකානු ජනපතිගේ චීන සංචාරය අවසන්
May 15, 202612:37 PM
අමෙරිකානු ජනපතිගේ චීන සංචාරය අවසන්
Mobitel 1278

තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා‍ සිය සංචාරය අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නගරයෙන් පිටව ගියේය.

ඊට පෙර බෙයිජිං නුවර Zhongnanhai හිදී චීන-අමෙරිකානු නායකයින් තවත් කෙළි පිළිසඳරකට ද එක් විය.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-අමෙරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව ස්ථානගත කිරීමක් නිර්වචනය කර ඇති බවත් ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

ස්ථාවර ආර්ථික හා වෙළෙඳ සබඳතා පවත්වා ගැනීම, විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම වැදගත් එකඟතාවකට පැමිණි බව ද ඔහු පැවසීය.

එමෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.

තම චීන සංචාරය ඉතා සාර්ථක, ලෝක ප්‍රසිද්ධ සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කළේය.

සිය සංචාරය තුළ දෙපාර්ශ්වය වැදගත් එකඟතා මාලාවකට සහ ගිවිසුම් ගණනාවකට එළඹුණු බවත්, බොහෝ ගැටලු ඒ ඔස්සේ විසඳා ගත් බවත් එය දෙරටටම සහ ලෝකයටම මහත් ප්‍රතිලාභයක් බවත් ඔහු පැවසීය.

එමෙන්ම ෂී ජින් පිං මහතා තම පැරණි මිතුරෙකු බව පැවසූ ට්‍රම්ප් මහතා, තමා එතුමන්ට බෙහෙවින් ගරු කරන බවත්, දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බවත් පැවසීය.

තවද, අමෙරිකානු-චීන සබඳතා ඉතා වැදගත් බවත් එය නිසැකවම යහපත් අතට හැරෙනු ඇති බවත් පෙන්වා ජනපති ට්‍රම්ප්, ෂී ජින් පිං මහතා සමග අවංක හා ගැඹුරු සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, වොෂින්ටන්හිදී එතුමා පිළිගැනීමට බලාපොරොත්තු වන බවත් එහිදී වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ