header logo
SLIC
උණුසුම් පුවත්
ලෝක බලවතුන්ගේ අවධානයට ලක්වූ 'තුසෙයිඩිඩීස් උගුල'
May 14, 202610:11 PM
ලෝක බලවතුන්ගේ අවධානයට ලක්වූ 'තුසෙයිඩිඩීස් උගුල'
EDEX

චීනයේ දෙදින නිල සංචාරයක් සඳහා එක්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු නියෝජිත කණ්ඩායම අද (14) ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.

මෙහිදී දෙපාර්ශ්ව අතර කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුකර ඇති අතර, එහිදී 'තුසෙයිඩිඩීස් උගුල' සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වා තිබේ.

ලොව නව බලවත් රාජ්‍යයක් වේගවත්ව නැගී එන විට, දැනටමත් බලවත්ව සිටින රටක් තුළ ඒ පිළිබඳව බිය සහ අවිශ්වාසය ඇති වී යුද්ධයක අවදානමක් නිර්මාණය වීම 'තුසෙයිඩීඩීස් උගුල' යනුවෙන් සරළව හඳුන්වනු ලබයි.

මෙම නම ලැබී ඇත්තේ පුරාණ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුසෙයිඩීඩීස් (Thucydides)ගෙන් බව සඳහන්ය.

මේ අතර අද පැවති සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා,

"චීනය සහ අමෙරිකාව අතර පවතින වෙනස්කම්වලට වඩා අප දෙරටේ පොදු අභිලාෂයන් වැදගත්. චීන - අමෙරිකා අතර ස්ථාවරව සබඳතාවක් පවතිනවා නම් එය ලෝකයටම යහපතක්.

අපි එක්ව වැඩකළාම, ඒක දෙරටටම වාසිදායක ප්‍රතිඵල ගේනවා. අපි එකිනෙකාට එරෙහිව ගියොත් දෙපාර්ශ්වයම ඉන් පීඩා විඳිනවා. අපි එක්ව වැඩකරලා, පොදු සෞභාග්‍යයක් අත්පත් කරගන්න ඕන.

ලෝකයම අපේ හමුව දෙස බලා ඉන්නවා. චීනයටයි අමෙරිකාවටයි තුසෙයිඩිඩීස් උගුලට හසුනොවී ඉන්න පුළුවන්ද? අපිට එක්ව ගෝලීය අභියෝග ජයගෙන ස්ථාවර ලෝකයක් හදන්න පුළුවන්ද? අපිට පුළුවන්" යනුවෙන් මෙහිදී චීන ජනපති ෂී ජින්පින් පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම චීනයේ බීජිං නුවර වෙත පැමිණියේ එරට වේලාවෙන් ඊයේ රාත්‍රී කාලයේය.

මෙම සංචාරයට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, ස්පේස් X, ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක්, NVIDIA ප්‍රධානී ජෙන්සන් හුවාන්ග් ඇතුළු තාක්ෂණික සමාගම් ප්‍රධානීන් රැසක් එක්වූහ.

2017 වසරින් පසු එනම්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයෙක් චීනය වෙත සංචාරය කළ පළමු අවස්ථාව විය.

ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙහිදී හමුදා ආචාර වෙඩිමුර 21ක් පැවැත්වීය.

මෙහිදී අදහස් පළකළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දුන්නේ, සිය පාලනය යටතේ අමෙරිකාව සහ චීනය අතර අන් කවරදාටත් වඩා යහපත් සබඳතාවක් පවතින බවය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා,

"ජනාධිපතිතුමනි, පිළිගැනීමේ උත්සවය ඉතාමත් ගෞරවණීයයි. මම අර දරුවන් නිසා ගොඩක් සතුටු වුණා. අපි දෙදෙනා දිගු කලක සිට හඳුනනවා.

අසීරු අවස්ථාවලදි අපි එකිනෙකාට දුරකථනයෙන් කතා කරනවා. මිනිස්සු දන්නේ නැහැ. අපිට ප්‍රශ්න ඇති සෑම විටම අපි ඒවා විසඳගන්නවා. චීනය සහ අමෙරිකාව අතර පවතින සබඳතාව අන් කවරදාටත් වඩා හොඳින් සිදුවෙනවා.

ඔබ විශිෂ්ට නායකයෙක්. මම ඕනැම කෙනෙක්ට ඒක කියනවා. සමහර අය මං එහෙම කියනවට කැමති නැහැ. නමුත් මං ඒක කියනවා මොකද ඒක තමයි ඇත්ත.

අද මෙතනට ඇවිත් ඉන්නවා දක්ෂ මිනිසුන් පිරිසක්. ඔවුන් ඇවිත් ඉන්නේ ඔබට සහ චීනයට ගෞරවය පුද කරන්න. ඔවුන් චීනය සමඟ වෙළෙඳ සබඳතා තරකරගන්න අපේක්ෂාවෙන් ඉන්නේ" යනුවෙන් පැවසීය.

රාජ්‍ය නායකයින් අතර 'මාධ්‍යයට නිරාවරණ නොකළ සාකච්ඡා' පැවති අතර එහිදී ඉරාන යුද්ධය, තායිවාන අර්බුදය, චීනය අමෙරිකානු ව්‍යාපාර සඳහා විවෘත කිරීම, දෙරටේ හමුදා අතර සන්නිවේදනය තරකරගැනීම, වෙළෙඳ, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ වැඩි අවධානය යොමුව තිබේ.

හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කළ ධවල මන්දිරය පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය නිදහස් ගමනාගමනය සඳහා විවෘතව පැවතිය යුතු බවට අමෙරිකාව සහ චීනය මෙහිදී එකඟ වූ බවය.

එමෙන්ම ඉරානයට කිසි දිනෙක න්‍යෂ්ටික අවියක් තැනීමට ඉඩ දිය නොහැකි යැයි ද දෙපාර්ශ්වයම එකඟ වූ බවද ධවල මන්දිර වාර්තාවේ දැක්විණි.

පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ, අතීත චීන අධිරාජ්‍යයන් සාමය අයැදීමට ගිය, බීජිං හි තහනම් නගරයේ පිහිටි වසර 600ක් පැරැණි 'දෙව්ලොව පන්සල' වෙත සංචාරය කළේය.

මේ අතර රාජ්‍ය නායකයින් එක්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ලබන සැප්තැම්බර් 24 වැනිදා අමෙරිකාවේ ධවල මන්දිරය වෙත සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති ට්‍රම්ප්, ෂී ජින්පින් යුවළට ආරාධනා කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana