ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කාලගුණය දරුණු වෙයි
May 14, 2026 04:23 pm
ඉන්දියාවේ වඩාත් ජනාකීර්ණම ප්‍රාන්තය ලෙස සැළකෙන උත්තර් ප්‍රදේශ් හි බලපා ඇති ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තද සුළං සමඟ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මෙම මරණ වාර්තා වන බව සඳහන් වෙයි.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 12කට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මේ අතර තද සුළං හේතුවෙන් ගස් කඩා වැටී නිවාස හා ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර මාර්ග අවහිර වී රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව ද සඳහන් වෙයි.
