මගීන් 1,200ක් සිටින නෞකාවක් ප්‍රංශ මුහුදේ සිරවෙයි
May 13, 2026 10:42 pm
එක්සත් රාජධානියට අයත් කෲස් නෞකාවක මගීන් 49 දෙනෙකු ආමාශය ආශ්‍රිත රෝගයකට ගොදුරුවීම හේතුවෙන් එහි සිටි කාර්යය මණ්ඩලය ඇතුළු 1,200කට අධික පිරිසක් මේ වනවිට නිරිතදිග ප්‍රංශ මුහුදු සීමාවේ සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ 'ඇම්බිෂන්' නම් නෞකාවක් වන අතර, එහි මගීන් 1,233ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 514ක් සිටින බව වාර්තා වේ.
එමෙන්ම එහි සිටින මගීන්ගෙන් බහුතරය බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත ජාතිකයන් වන අතර, එක් ප්‍රංශ ජාතිකයෙකු සිටින බව සඳහන්ය.
මේ වනවිට මගීන් තිදෙනෙකු හුදෙකලා කර ඇති අතර, සෙසු මගීන්ට නෞකාවෙන් ඉවත්වීමට නොහැකිවන ලෙස ප්‍රංශ බලධාරීන් තහනමක් පනවා තිබේ.
මෙම ආමාශය ආශ්‍රිත රෝගය, අත්ලාන්තික් සයුරේ නෞකාවක පසුගියදා හටගත් 'හන්ටා' වයිරසයට කිසිදු සම්බන්ධතාවක් නොමැති බව වාර්තා වේ.
කෙසේ නමුත් මේ වනවිටත් එම නෞකාවේ සිටි 92 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. එම මරණයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති අතර, මරණයට හේතුවද මෙතෙක් තහවුරු කර නොමැත.
