header logo
SLIC
උණුසුම් පුවත්
වෙසක් සැරසිලි සහ දන්සැල් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
May 13, 202603:45 PM
වෙසක් සැරසිලි සහ දන්සැල් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
Mobitel 1278

මෙවර වෙසක් උත්සව සමයේ සිදුකරනු ලබන විවිධ සැරසිලි සහ දන්සැල් කටයුතු සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සමස්ත ලක්වාසීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මිනිසා, සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය අවධාරණය කරයි.

වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල්වලදී බහුලව භාවිත වන පහත සඳහන් ද්‍රව්‍ය විකිණීම, ප්‍රදර්ශනය හෝ භාවිතය රජය විසින් නීතියෙන් තහනම් කර ඇත.

තනි භාවිත අයිතම - ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි .

ආහාර ඇසුරුම් - පොලිස්ටියරින් (Lysis/Regiform) ආහාර බහාලුම් සහ පොලිතීන් ලන්ච්ෂීට්.

සැරසිලි ද්‍රව්‍ය - ප්ලාස්ටික් මල්මාලා සහ සියලුම ආකාරයේ පොලිඑතිලින් හෝ පොලිප්‍රොපිලින් සැරසිලි ද්‍රව්‍ය.

2017 සහ 2023 වසරවල නිකුත් කරන ලද අදාළ ගැසට් පත්‍රවලට අනුව, ආගමික හෝ සංස්කෘතික උත්සවවලදී මෙම ද්‍රව්‍ය භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

පොලිතීන් හා ප්ලාස්ටික් අක්‍රමවත්ව බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් එම ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මියයාම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකි බව එම අධිකාරිය සඳහන් කරයි.

විශේෂයෙන් මේවා විවෘත පරිසරයේ දහනය කිරීමෙන් විෂ වායු පරිසරයට මුදා හැරෙන බවද පෙන්වා දී ඇත.

සියලු සත්ත්වයන්ගේ සුවසෙත උදෙසා කටයුතු කළ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් සමයේ, පරිසරයට හානි නොවන අයුරින් කටයුතු කිරීම බෞද්ධයන්ගේ වගකීමක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පවසයි.

හැකි සෑම අවස්ථාවකදීම පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය භාවිත කරන ලෙසත්, යම් හෙයකින් නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමට සිදුවුවහොත් ඒවා නිසි පරිදි කළමනාකරණය කර බැහැර කරන ලෙසත් අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි