
අයිස් මත්ද්‍රව්‍ය සමඟ රාගම බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

















































