header logo
Vallibel FD
සයුරෙන් එතෙර
පටි තද කරගන්නැයි මෝදී ඉන්දීය ජනතාවට කියයි
May 12, 202612:44 PM
පටි තද කරගන්නැයි මෝදී ඉන්දීය ජනතාවට කියයි
Mobitel 1278

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ප්‍රධාන වශයෙන් මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික බලපෑම්වලින් රට ආරක්ෂා කර ගැනීමට ඉන්දියානු ජනතාවගෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙම ඉල්ලීම් සිදුකර ඇත.

එහිදී,
*ඉන්ධන සහ පොහොර භාවිතය අඩු කිරීම.
* විදේශ සංචාර සීමා කිරීම.
* නිවසේ සිට වැඩකිරීම
*රන් මිලදී ගැනීම සීමා කිරීම
යන මුලික කාරණා කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල් සහ පොහොර සඳහා වැයකරන මුදල් සීමාකරන ලෙස ද මෝදී ඉන්දියානුවන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම රටින් පිටතට මුදල් ගලායාම වැළැක්වීම සඳහා විදේශ සංචාර අඩුකරන ලෙසත්, විදේශයන්හි පවත්වන මංගල උත්සව නතර කර ඒ වෙනුවෙන් රට තුළම සංචාරයන්හි නිරත වෙන ලෙසත් නරේන්ද්‍ර මෝදි සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කර ඉන්ධන පිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසත්, පෙට්‍රල් සහ ඩීසල් භාවිතය අඩුකිරීමට දුම්රිය, විදුලි වාහන හෝ පොදු ප්‍රවාහනය භාවිත කරන ලෙසත් දැනුම්දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ඩීසල් භාවිතය වෙනුවට සූර්ය බලශක්තියට යොමු වෙන ලෙසත්, සූර්ය බලයෙන් ක්‍රියාකරන ජල පෝම්ප යන ආදිය භාවිත කරන ලෙසටත් මෝදි උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට වැඩකිරීමට යොමුවෙන ලෙසත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටී.

විදෙස් විනිමය ඉතිරි කරගැනීම සඳහා වසරක් යන තුරු රත්‍රං මිලදී ගැනීම සීමා කරන ලෙසත් අත්‍යාවශ්‍ය නොවන රන් ආභරණ මිලදී ගැනීමෙන් වළකින ලෙසත් මෝදී ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන තෙල් මිල සමඟ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම පියවරයන්ට යොමුවෙන ලෙස මෝදී පවසා තිබේ.

තවද ඉන්දියානු රුපියල ශක්තිමත් කිරීම මෙන්ම ආනයන වියදම් අඩුකිරීම තුළින් රුපියලේ අගය පහත වැටීම පාලනය කිරීම මෙම පියවරයන්ගේ මුලික අරමුණ බවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට