header logo
Vallibel FD
උණුසුම් පුවත්
අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි
May 11, 202601:17 PM
අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි
Mobitel 1278

අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වූ බවත් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ ආයතනය විසින් නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී "සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත" යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වූ බවය.

ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන National Oceanic and Atmospheric Administration - NOAA විසින් නිල වශයෙන් ඒ සම්බන්ධව දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත රෙගුලාසි ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බවට තහවුරු වී ඇති බවය.

2025 නොවැම්බර් මාසයේදී අමෙරිකානු අධිකරණ තීන්දුවක් මත මෙම අපනයන කටයුතුවලට
යම් බලපෑමක් එල්ල වුවද, ධීවර දෙපාර්තමේන්තුව NARA ආයතනය සහ අදාළ අංශ විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක දත්ත සහ කරුණු සැලකිල්ලට ගනිමින් NOAA ආයතනය සිය තීරණය යළි සමාලෝචනය කර මෙම අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මෙම අනුමැතිය විශේෂ කරුණු කිහිපයකින් සමන්විත වන අතර ඒ යටතට,

  1. අපනයන අයිතිය තහවුරු වීම: අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු "ප්‍රමිති අනුකූලතා සහතිකය" (Comparability Finding) මේ හරහා ශ්‍රී ලංකාවට හිමිවේ.
  2. වලංගු කාලසීමාව: මෙම නිල අනුමැතිය 2029 දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන අතර, එම කාලය තුළ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකිය.
  3. පරිසර හිතකාමී ධීවර කර්මාන්තය: මසුන් ඇල්ලීමේදී ඩොල්ෆින්, තල්මසුන් වැනි සාගර ක්ෂීරපායීන්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේද මෙහිදී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.

අමාත්‍යාංශය පැවසුවේ මෙම ජයග්‍රහණය මෙරට ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමටත් ලැබුණු මනා පිටුවහලක් බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට