ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු
May 11, 2026 12:28 pm
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (11) රාත්‍රී 11.30 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වේ.
එම අවස්ථාවේ දී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
