header logo
SLIC
උණුසුම් පුවත්
තැන තැන සිදුවන අනතුරු - පුද්ගලයින් තිදෙනෙකු මරුට
May 11, 202609:37 AM
තැන තැන සිදුවන අනතුරු - පුද්ගලයින් තිදෙනෙකු මරුට
EDEX

යටියන්තොට පොලිස් වසමේ හැටන් - කොළඹ මාර්ගයේ කබුලුමුල්ල ප්‍රදේශයේදී කරවනැල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

ඊයේ (10) උදෑසන අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කළ අවුරුදු 14ක පිරිමි දරුවෙකු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 59ක් වූ පරුස්සැල්ල, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යටියන්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ඊයේ (10) කෑගල්ල පොලිස් වසමේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී කොළඹ දෙසට මුහුණලා මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම නවතා තිබූ ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කළ පුද්ගලයෙකු කෑගල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ පසුපස ගමන්කළ අවුරුදු 59ක වේරගොඩ, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇත.

බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙසදී බොරැල්ල හන්දිය දෙසට ධාවනය වූ කාර් රථයක මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී ඊයේ උදෑසන අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 52ක් වූ කාශ්‍යපගම, හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට