'බටුවත්තේ චාමර' දිවයිනට රැගෙන එයි

'බටුවත්තේ චාමර' දිවයිනට රැගෙන එයි

May 10, 2026   11:03 pm

අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් 'බටුවත්තේ චාමර' අද (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.

මොහු දිගු කළක් ඩුබාටි හී සැඟව සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු 48 හැවිරිදි රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සදහා ගිනිඅවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ද වේ .

 සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ පසු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය.