header logo
Vallibel FD
උණුසුම් පුවත්
ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක් - ආපදා කළමනාකරණ අංශත් සූදානමින්
May 10, 202611:31 AM
ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක් - ආපදා කළමනාකරණ අංශත් සූදානමින්
Mobitel 1278

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (10) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය දින කිහිපය මෙන්ම ඉදිරි දින කිහිපයද වැසි ලැබෙමින් පවතින බවත් හෙට (11) දිනයේදී පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බවද ඒ මහතා පැවසීය.

පවතින මෙම තත්ත්වය මෝසම් තත්ත්වයක් නොව පෙර මෝසම් තත්ත්වයක් බව පෙන්වා දුන් ඒ මහතා මෙම අඩුපීඩන කලාපය සහ එහි වර්ධනයෙන් පසු මැයි මස 20 වැනි දින වන විට මෝසම් තත්ත්වය නිර්මාණය වී ඊට අදාළ කාලගුණ විපර්යාස සිදුවනු ඇති බවද සඳහන් කළේය.

"නායගිය ස්ථාන යළි සක්‍රීය විය හැකියි"
- ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

එමෙන්ම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ ප්‍රදේශ තවමත් ඒ ආකාරයෙන්ම පවතින බැවින් පස් කණ්ඩි සොදා පාළුවට ලක්වෙමින් විශාල ප්‍රමාණයේ සහ මධ්‍ය ප්‍රමාණයේ ගල් මතුව ඇති බවත් ඉතා කුඩා වර්ෂාපතනයකදී වුවද එම ගල් නැවත පෙරළීමටද හැකියාවක් පවතින බවය.

මේ හේතුවෙන් නායයෑමේ ඇතිවිය හැකි ලක්ෂණ පවතින බැවින් සක්‍රීය වී මේ වන විට අක්‍රීය වී ඇති ස්ථානද පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයත් සමග එම ස්ථාන සක්‍රීය වීමේ හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර 01 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් වසන්ත සේනාධීර මහතා මෙහිදී සඳහන් කළේය.

"ජලාශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ජල විද්‍යා අංශයේ චාමර යාපාආරච්චි මහතා පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අනතුරු ඇඟවීමේ නිවේදන මත පදනම්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශය සහ ජල විද්‍යා කළමනාකරණ අංශය ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බවය.

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 05ක් මේ වනවිට වාන් දමමින් පවතින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම මේ වන විට ලැබී ඇති වර්ෂාපතනය අනුව ගංගාවල ජල මට්ටම් යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත් පැවසූ ඒ මහතා කෙසේ නමුත් මෙම තත්ත්වය අනතුරුදායක මට්ටමක් දක්වා පැමිණ නැති බවද සඳහන් කළේය.

කෙසේ නමුත් කිරිඳිඔය, වලවේ, දැදුරුඔය, මල්වතු ඔය, කැලණි, කළු යන ජලාශවල ජල මට්ටම් අනතුරුදායක මට්ටම දක්වා නොමැති වුවත් යම් වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් පැවසූ ඒ මහතා එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද දැනුවත් කිරීමක්ද සිදුකරනු ලැබීය.

හදිසි තත්ත්වයකදී ක්ෂණික දුරකථන අංක සමග සම්බන්ධ වෙන්න
- ආපදා කළමනාකරණ අංශය

ආපදා කළමනාකරණ අංශය දිස්ත්‍රික්ක 25 පුරාවටම ක්‍රියාත්මක වන බැවින් පසුගිය 8 වැනි දින දිස්ත්‍රික්ක 25ම අංශ සම්බන්ධීකරණය කරගනිමින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළබඳව සාකච්ඡා කර ඇති බව ආපදා කළමනාකරණ අංශය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වන විට ප්‍රජා මූලික වැඩසටහන්වලට මූලිකත්වය දෙමින් ගංගා ද්‍රෝණි සහ නාය යෑම් අවධානම් ස්ථානවල පදිංචි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවය.

නායයෑම් ලක්ෂණ පිළිබඳව නිරන්තර දැනුවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළ ඒ මහතා ආපදා කළමනාකරණ අංශය විසින් හඳුන්වා දී ඇති 117 හදිසි දුරකථන අංකය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය සමග සම්බන්ධ විය හැකි බවද සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට