header logo
Vallibel FD
උණුසුම් පුවත්
ආදිවාසී ජන උරුමය සුරැකිව තබාගත් රතුගල ආදිවාසි නායක සුදාවන්නිලැත්තෝ
May 09, 202610:38 AM
ආදිවාසී ජන උරුමය සුරැකිව තබාගත් රතුගල ආදිවාසි නායක සුදාවන්නිලැත්තෝ
Mobitel 1278

ශ්‍රී ලාංකේය ආදිවාසී අනන්‍යතාවයේ නොමැකෙන සලකුණක් තැබූ, රතුගල ආදිවාසී ගම්මානයේ නායකයා පසුගියදා අභාවප්‍රාප්ත විය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ සුදාවන්නිලැත්තන් මියයන විට 66 වැනි වියේ පසුවිය.

ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි.

තම උරුමය රැකගැනීම වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වූ රතුගල ආදිවාසී නායකයා 2016 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ජනතා නියෝජිතයින් හමුවී සිය වර්ගයාගේ උරුමය සුරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ අයෙකි.

ආදීවාසී නායකයාගේ අවසන් කටයුතු අද (08) දිවයිනේ සෙසු ප්‍රදේශවල වෙසෙන ආදිවාසී නායකයින් සහ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් සහභාගීතවයෙන් සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව, විශේෂයෙන්ම රතුගල වැදි ජනතාව මරණයකදී අනුගමනය කරන චාරිත්‍ර නූතන සමාජයට වඩා බෙහෙවින් වෙනස්ය.

කෙසේවෙතත් ඔහුගේ අභාවයත් සමඟ, ලෝකයෙන් වැසී ගිය දුර්ලභ ආදිවාසී අවමංගල්‍ය චාරිත්‍ර කිහිපයක් පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8WIrvTZ-gpoenVcbtevteu4MJv5c-4PR5Q7yTI2SzOANAFRTRCtOKCX4-c6qa-ZfaDY7otWQzqdC9ZSs7VbAnnhHncFE9QUm06-IZg6fhXCsSxw_DMFjVEFKA3JsgKlXA7mP2MCCeKrJYnrXHUEjpC46lh4my9Cd9SfHxfz3sAbR_fS4RTZzc4SixUsVQ/s400/WhatsApp%20Image%202026-05-09%20at%2010.32.40.jpeg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6fKuD3EXK3UgUbkYH3jfakj9T9huDGtrcl0Yt9ia46nOwkbhj75XYeYUd_gBAK3XE_9HtHTX25NKPWVJsdcD0KHwUF45mMe8d9aCZCQXh0wCQaX100aAIVasv1XjWq0XMbagaFmvKpo49hoNraMJk1BzF2YON8ezEh2BKDiDuUr8D69psGYRACNXvYN3p/s400/image_d77650ed00.jpg

ස්වභාවධර්මයේ දායාදයෙන් නිමවූ "අවසන් නිවහන"

රතුගල නායකයාගේ දේහය තැන්පත් කර ඇත්තේ වනාන්තරයේ ස්භාවික දායාදයන්ගෙන් නිමවූ සුවිශේෂී පෙට්ටියකය.

එය ආදිවාසී ජනතාව සොබා දහම සමඟ පවත්වන අවියෝජනීය බැඳීමේ සංකේතවත් කරනු ලබයි.

මෙම පෙට්ටිය සැකසීමට පෙට්ටියේ බඳ සකස් කිරීම සඳහා 'බක් මී' සහ 'හික්' යන ශාකවල ශක්තිමත් පොතු භාවිතා කර ඇත.

පෙට්ටියේ කොටස් එකිනෙකට සම්බන්ධ කර ශක්තිමත් කර ඇත්තේ වනාන්තරයෙන් සොයාගත් 'කිරිවැල්' වර්ගයකින් වීමත් විශේෂත්වයකි.

මියගිය පසු නැවතත් සොබා දහමට මුසුවිය යුතුය යන ප්‍රබල මතය මෙම චාරිත්‍රය තුළ සංකේතාත්මකව ගැබ්ව පවතී.

සොහොන සැකසීම

අතීතයේ ආදිවාසීන් ඔවුන්ගේ දේහයන් ගල් ගුහාවල හෝ වනාන්තරවල මිහිදන් කළද, නායකයෙකුගේ මරණයකදී එය ගම්මානය ආශ්‍රිතව ගෞරවාන්විතව සිදු කිරීම විශේෂත්වයකි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhROYOD5nrS5p0rixUKj8oYoQG0fGUd54JXsXbM3JGIwG1WYP9wI7WbB1jCzVMSbdX-XaAWeboVRLBKPJ84QWc4x4VZv_evDBfKOEHU5YIRReeg7YW49_D9iEqKiEX1jdwOOnUOaoQSidJXsOIOeju3ZcOsxfv4g0UFS9w9Mc0iMzcFiCvA5N-HhOZdP55P/s400/WhatsApp%20Image%202026-05-09%20at%2010.32.57.jpeg

පූජා වත්පිළිවෙත්

මියගිය නායකයා වෙනුවෙන් දඩමස්, මී පැණි සහ කුරක්කන් තලප වැනි සාම්ප්‍රදායික ආහාර පූජා කිරීමේ චාරිත්‍රයක් මෙහිදී අනුගමනය කෙරේ.

ආදිවාසී විශ්වාසයට අනුව මියගිය නායකයා "නෑ යකෙක්" ලෙස නැවත ඉපදී තම පරපුර ආරක්ෂා කිරීමට පැමිණෙන බව ඔවුන්ගේ විශ්වාසය වේ.

මේ වෙනුවෙන් ඉදිරියේදී රතුගල වැදි ජනයා විසින් "කිරි කොරහ" ශාන්තිකර්මය ද පවත්වනු ලබයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGQ95e017iUIxzuiM-DpRplvmrAFYgn6TbVm86SvYUin-vFB4SX4ZASDKptzhOU-Q33wcKWK-YFPgs3n71n67Wh5WhgLQE5zFt2iufsyuX6uCEHQR67JXqzsb0tUEUU2VCVITxGYP2RP2b0fQachQ_xRErXGLx3TOTNsOfbyQ9GQ2-ldzTbIVqw8nq6P8t/s400/Gemini_Generated_Image_uqh99ouqh99ouqh9.png

රතුගල අනන්‍යතාවය

ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව අතර රතුගල ආදිවාසීන් යනු ඉතා සුවිශේෂී සහ තවමත් ස්වභාවධර්මය සමඟ දැඩිව බැඳී සිටින කණ්ඩායමකි.

මොනරාගල දිස්ත්‍රික්කයේ මඩොල්සිම කඳු පන්තියට නුදුරින් පිහිටි රතුගල ගම්මානය කේන්ද්‍ර කරගෙන මොවුන් ජීවත් වේ.

මෙම පිරිස දිවයිනේ සෙසු ආදිවාසී කණ්ඩායම් අතරින් තවමත් තමන්ටම ආවේණික වූ භාෂා රටාවන් සහ වනාන්තරය සමඟ බැඳුණු ජීවන රටාවන් දැඩිව අනුගමනය කරන්නන් වීමත් විශේෂත්වකි.

තම නායකයාගේ අභාවය ඔවුන්ට පුද්ගල මරණයක් පමණක් නොව තම සංස්කෘතික ගමන්මගෙහි සිදුවූ විශාල හිස්තැනක් ලෙස ද සඳහන්.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtSxtdzgiaf7T5vBVh-Kq8NAoW-6N7rfv_hwstzoHKUh5cry21xTSE-7NNHziXdemafyolxB8nhsDRrxQEGmQ6z-43KLvn1YXirvYEHebtElUWngvC4CjhfPxqY5dmtS4EbUTH4nfgfDuIuaJvTxGBBR5Wj3XoLGCRPbls7ebOsdbpd1n47klHaGluA5_-/s400/WhatsApp%20Image%202026-05-09%20at%2010.33.41.jpeg

https://youtu.be/loDRfKvpwKc
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට