header logo
Vallibel FD
උණුසුම් පුවත්
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබේ
May 08, 202609:50 AM
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබේ
Mobitel 1278

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 05ක් හුවමාරු කර ගැනීම අද (08) පෙරවරුවේ සිදුවිය.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM)ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදීය.

වියට්නාම් - ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් සංචාරක, ආරක්ෂක කටයුතු සම්බන්ධතා, ආගමික, සිවිල්, වාණිජ, ප්‍රවාහන සහ ආර්ථික, විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඒ අනුව,

පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන පොලිස් ඇකඩමිය සහ ශ්‍රී ලංකා ජාතික පොලිස් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම වියට්නාම් මහජන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ලුඕන්ග් ටැම් ක්වාන්ග් සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම වියට්නාම් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වූ හායි ක්වාන් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

වියට්නාමයේ ජනවාර්ගික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම වියට්නාම් ජනවාර්ගික සහ ආගමික කටයුතු අමාත්‍ය න්ගුයෙන් ඩින් කාන්ග් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම වියට්නාම් සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුම වියට්නාම් සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා අරියරත්න මහත්මිය විසින් හුවමාරු කර ගනු ලැබීය.

වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කෙරෙන මෙට්‍රික් ටොන් 100ක පොහොර තොගය වියට්නාම් මුදල් අමාත්‍ය එන්ගෝ වැන් ටුවාන් සහ Vietnam National Chemical Group හි ප්‍රධාන අධ්‍යක්ෂ නුයෙන් හූ තූ ( Mr Nguyen Huu Tu) යන මහත්වරු විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් මෙම අවස්ථාවේදී ප්‍රදානය කරනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, 2025දී යෙදුණු එරට රාජ්‍ය සංචාරයෙන් අනතුරුව, වියට්නාම ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි සිදු වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana