header logo
SLIC
උණුසුම් පුවත්
දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
May 07, 202606:02 PM
දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
Mobitel 1278

අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීමනා සිංහල හා දෙමළ අවුරුදු සැමරුමට පෙර ගෙවීම සිය අරමුණ වූ බවය.

ඒ අනුව පළමු අදියර සහ දෙවන අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා එම දීමනාව 2026.04.10 දින ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කළ බව සඳහන්ය.

මෙම දීමනාවලට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක් ද දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් ද අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද ගෙවීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මඟින් මසකට දෙවරක් ගෙවීම සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බාහිරව සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර ගෙවී කටයුතු කිරීම මණ්ඩලයේ ප්‍රමුඛ වගකීම වූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

ඒ හේතුවෙන් සේවයේ අවශ්‍යතා මත විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කර SLIP ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කර ඇති අතර එහිදී අතපසුවීමකින් Slip ලිපිගොනුවක් දෙවරක් උඩුගතවී තිබේ.

එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්වීත්ව ගෙවීමක් සිදුවී ඇති බවට අනාවරණවීමත් සමඟ අදාළ ගෙවීම අත්හිටුවීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇති අතර එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට නැවත බැර කරන ලෙසට බැංකු වෙත දන්වා ඇත.

කෙසේවෙතත් අප්‍රේල් ද්වීත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබාගැනීම හේතුවෙන් අය කරගැනීම නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795,000ක මුදල් මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම් කර ඇත.

මෙම ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදු නොවූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

සේවා අවශ්‍යතාව මත කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට සිදුවීම හේතුවෙනුත් මසකට දෙවරක් ගෙවීම් කිරීමේ ඉඩ පහසුකම් පද්ධතිය තුළ නොමැති බැවින් මෙය පද්ධතියට බාහිර Slip ගොනු ආකෘතියෙන් ගෙවීම සිදු කිරීම හේතුවෙනුත් මෙම සිදුවීම වූ බවට තහවුරු කරන අතර එම ගෙවීම ඉතා කඩිනමින් නැවත අයකර ගැනීමට කටයුතු කර ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්