header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
තමිල්නාඩුවේ දේශපාලනය උඩුයටිකුරු කළ තලපති විජේ... ශ්‍රී ලංකාවට බලපෑමක් වෙයිද ?
May 05, 202605:13 PM
තමිල්නාඩුවේ දේශපාලනය උඩුයටිකුරු කළ තලපති විජේ... ශ්‍රී ලංකාවට බලපෑමක් වෙයිද ?
Mobitel 1278

තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනය දශක පහක් තිස්සේ පැවති ආධිපත්‍යයන්ගෙන් මිදී නව මාවතකට අවතීර්ණ වී ඇත.

දෙමළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේගේ "තමිළග වෙට්ට්‍රි කසාගම්" (TVK) පක්ෂය ලබාගත් පෙරළිකාර ජයග්‍රහණය, ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.

ඓතිහාසික බලපෙරළිය සහ සංඛ්‍යාත්මක ජයග්‍රහණය

17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී TVK පක්ෂය ආසන 108ක් දිනා ගැනීම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වූ DMK සහ AIADMK ලැබූ දැවැන්ත පරාජයකි.

TVK - ආසන 108 (ඡන්ද 35% සහ ඡන්ද කෝටි 1.6ක්)

DMK - ආසන 59 (ප්‍රධාන විපක්ෂය)

AIADMK - ආසන 47 (තෙවන ස්ථානය)

මෙම ප්‍රතිඵලය අනුව විජේට තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 118 ක ප්‍රමාණයට තවත් ආසන 10ක් අවශ්‍ය වන අතර, මේ සඳහා ඔහුට වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමට සිදු වනු ඇත. මෙය එන්.ටී. රාමාරාඕ හෙවත් NTR ගේ දේශපාලන ප්‍රවේශයට සමාන වූවකි.

ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධක

ජයලලිතා සහ කරුණානිධි යන දැවැන්ත නායකයින්ගේ අභාවයෙන් පසු නිර්මාණය වූ නායකත්ව රික්තකය පිරවීමට ස්ටාලින් උත්සාහ කළද, පවුල් පාලනය සහ දූෂණ චෝදනා හමුවේ ජනතාව "තුන්වන විකල්පයක්" සෙවූහ.

විජේගේ පෞද්ගලික ජනප්‍රියත්වය සහ ඔහුගේ රසික සමාජ (Vijay Makkal Iyakkam) වසර ගණනාවක් පුරා සිදුකළ සමාජ සේවා කටයුතු මෙම ජයග්‍රහණයට සවිමත් පදනමක් දැමීය.

DMK පක්ෂය සිය "දේශපාලන ප්‍රතිවාදියා" ලෙසත්, BJP පක්ෂය "ප්‍රතිපත්තිමය ප්‍රතිවාදියා" ලෙසත් නම් කරමින් ඔහු දියත් කළ සටන නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද සාර්ථක විය.

දේශපාලන දර්ශනය සහ මධ්‍යම රජය සමඟ ගැටුම

විජේගේ දේශපාලන දර්ශනය "ද්‍රවිඩ අනන්‍යතාවය" මත පදනම් වූවකි.

මධ්‍යම රජයේ (BJP) "හින්දි අධිපත්‍යයට" සහ "හින්දූත්ව" මතවාදයට එරෙහි වීම තමිල්නාඩු ජනතාවගේ ජනප්‍රිය මතය වන අතර, විජේ එම මතවාදය සාර්ථකව නියෝජනය කරයි.

අධ්‍යාපනය, භාෂාව සහ ආර්ථිකය සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ඇඟිලි ගැසීම්වලට එරෙහිව ප්‍රාන්තයේ ස්වෛරීභාවය රැක ගැනීම ඔහුගේ ඉදිරි දැක්ම බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවට සහ කච්චතිව් දූපතට ඇති බලපෑම

තමිල්නාඩුවේ දේශපාලන වෙනස ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් ඇති කරන්නේ කරුණු දෙකක් යටතේය.

කච්චතිව් අර්බුදය,

1974 දී ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපත නැවත ලබාගත යුතු බවට වන හඬ විජේගේ පාලනයක් යටතේ වඩාත් තීව්‍ර විය හැකිය. මෙය ධීවර ගැටලු සමඟ බැඳී පවතින බැවින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාවට සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට පීඩනයක් එල්ල වනු ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර හඬක් නැගීමට විජේ පෙළඹෙනු ඇතැයි ලෝකව්‍යාප්ත දෙමළ ප්‍රජාව අපේක්ෂා කරයි.

තමිල්නාඩු දේශපාලනයේ සිදුවන ඕනෑම වෙනසක් ශ්‍රී ලංකාවට ඍජුව බලපාන අතර තමිල්නාඩුවේ සෑම පක්ෂයක්ම පාහේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගයි.

කච්චතිව් ප්‍රශ්නය මෑතකදී නැවත කරළියට පැමිණියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් සිදුකළ ප්‍රකාශ නිසාවෙනි.

ඉන්දීය මධ්‍යම රජය චෝදනා කරන්නේ 1974 දී එවකට පැවති කොන්ග්‍රස් ආණ්ඩුව සහ DMK පක්ෂය එක්ව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට "පාවා දුන්" බවය.

තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්වන සෑම අවස්ථාවකම, කච්චතිව් දූපත නැවත ලබා ගැනීම විසඳුම ලෙස එහි දේශපාලන පක්ෂ පෙන්වා දෙයි.

විජේ වැනි තමිල්නාඩුවේ නව දේශපාලන බලවේග මෙම ප්‍රශ්නය තවදුරටත් දැඩිව මතු කළහොත්, ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ පාලනය සහ ස්වෛරීභාවය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික පීඩනයක් ඇති විය හැකිය.

තරුණ දෙමළ ප්‍රජාව

විජේ වැනි ජනප්‍රිය චරිතයක් දේශපාලනයට පැමිණීම ශ්‍රී ලංකාවේ තරුණ දෙමළ ප්‍රජාව අතර ද උනන්දුවක් ඇති කරන කරුණකි.

තමිල්නාඩුවේ ඇතිවන දේශපාලන ප්‍රබෝධය ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන පක්ෂ කෙරෙහි ද බලපෑම් කරයි.

කෙසේ වෙතත් විජේගේ TVK පක්ෂයේ ජයග්‍රහණය හුදෙක් සිනමා තරුවකගේ ආගමනයක් නොව, තමිල්නාඩුවේ සාම්ප්‍රදායික පාලන ක්‍රමයට එරෙහිව ජනතාව එල්ල කළ ප්‍රහාරයකි.

ඔහුගේ ඉදිරි පියවර ඉන්දියාවේ මධ්‍යම රජයට අභියෝගයක් වනවා සේම, ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතාවලද තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana