header logo
Vallibel FD
උණුසුම් පුවත්
මාලදිවයින් ජනපතිට ජනපති අනුරගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
May 05, 202612:15 PM
මාලදිවයින් ජනපතිට ජනපති අනුරගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
Mobitel 1278

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (04) පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සහ සජිදා මොහොමඩ් මැතිණිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මෙන්ම දිනෙන් දෙන වර්ධනය වන සමීප සබඳතාවය මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති ආර්යා සජිදා මොහොමඩ් මැතිනියගේ පැමිණීමෙන් තව තවත් ශක්තිමත් වූ බවය.

දෙරටේ පවතින අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය තුළ දෙරටෙහිම ජනතාවට විශාල ජයග්‍රහණයන් උරුමකර දෙනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාව අතර පවතින ශක්තිමත් සබඳතාවය, සංස්කෘතිකමය බැඳීම, සියවස් ගණනාවක් ඈත සිට පැවතෙන්නක් බවද දෙරටෙහි භාෂාවන් අතර පොදු සමානකම් පවතින බවද මේ බැඳීම නිසා මාලදිවයින හා ලංකාව අතර නිරන්තයෙන්ම සමීප ගනුදෙනු සිදුවන සමීප මිතුරන් බවට අද මෙන්ම හෙටද පත්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

1965දී මාදිවයින ජනරජයේ නිදහස පිළිබඳ ප්‍රකාශනය අත්සන් තැබීමට සත්කාරකත්වය ලබා දීමට ලැබීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බව විශ්වාස කරන්නේ යැයිද, එය අප දෙරට අතර එක්සත් බවෙහි සහයෝගීතාවයේ සහ සුහදත්වයේ සංකේතයක් සේ පවතින බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ නිසා මාලදිවයින් ජනතාව ලංකාව සිය දෙවන නිවහන ලෙස සළකන බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපිය සාමය හා සමෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරිමේදී විශ්වාස දායක වටිනා හවුලකරුවෙකු ලෙස මාලදිවයින සළකන බවද ගෝලිය තත්වයන්වලදී දෙරට අතර පොදු මැදිහත් වීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියානු සාගරයේ අසල්වැසියන් ලෙස දෙරටෙහි පොදු සංසිද්ධීන් ගැඹුරින් එකිනෙකට බැඳී පවතින බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුහුදු මට්ටම ඉහළ යාම, දේශගුණික විපර්යාස, ගෝලීය ආර්ථීක අර්බුද වැනි කරුණු එලෙස දෙරටටම බලපාන පොදු කරුණු බවද මේවාට මුහුණ දිය හැක්කේ එක්සත්කම හා සාමූහික අරමුණුවලින් පමණක් බවද සඳහන් කළේය.

මෙරට ව්‍යාසනයට පත්වූ සෑම අවස්ථාවකම මාලදිවයින සමීපතම මිතුරෙකු ලෙස ලබාදුන් සහයෝගය අගය කරන අතර එය කෘතවේදීව සිහිපත් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

දෙරටේ නායකයින් අතර එදින පැවැත්වූ සාකච්ඡා දෙරටෙහි ජනතාවගේ සහයෝගිතාවය වර්ධනය කරන නව මංපෙත් විවර කරනු ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් ඉවසීම, දයානුකම්පාව, තිරසර භාවය පිළිබඳ සදාකාලික වටිනාකම් ආරක්ෂා කර ගනිමින් දෙරටෙහි ජනතාවගේ අනාගතය දීප්තිමත් කිරිම සඳහා සහෝයගිතාවය එක්සත් බව රැක ගනිමින් එක්ව කටයුතු කරමු යැයි මාලදිවයින් ජනාධිපතිවරයාට ආරාධනා කළේය.

මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට සුබපැතුම් ඒක් කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ පැමිණීම දෙරටෙහි ජාතීන්ගේ අඛන්ඩ ප්‍රගතියට හා සමෘද්ධිය සඳහා හේතුවනු ඇතැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා, මාලදිවයින් ඉතිහාසයේ දිගුකාලීන කොටස්කරුවෙකු වන ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම ඉමහත් සතුටක් බවත් මෙම අවස්ථාව හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සැමරුමක් පමණක් නොව දූපත් රාජ්‍යයන් දෙක යා කරන මහා සාගරය මෙන් මෘදු හා ගැඹුරින් ගලා යන මිත්‍රත්වයක සැමරුමක් බවත් සඳහන් කළේය.

සියවස් ගණනාවක් පුරා දෙරටේ වෙරළ තීරයන් අතර ඇති වූ මුහුදු රළ පහරවල් වෙළඳාම සහ සංචාරකයින්ට වඩා වැඩි යමක් රැගෙන ආ බව සඳහන් කළ මාලදිවයින් ජනාධිපතිවරයා ඒමගින් විශ්වාසය සහ ආදරය මෙන්ම තරඟකාරිත්වයකින් තොරව, සහයෝගීතාවයෙන් ජීවත්වීමට ඉගෙන ගත් ජාතීන් දෙකක රිද්මය රැගෙන ආ බව පැවසීය.

නිහතමානී, අවංක සහ චිරස්ථායී වූ මෙම මානුෂීය බැඳීම් ජාතීන් දෙක එකට බැඳ තබන රන් හුයක් වැනි බව ඔහු ප්‍රකාශ කළේය.

දෙරටේ මිත්‍රත්වය අවංක ගෞරවය මත පදනම් වූවක් වන බැවින් කාලය විසින් එල්ල කරන ලද අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ඇති බවත් සෑම යුගයකදීම ශ්‍රී ලංකාව මාලදිවයින වෙත සිය මිත්‍රත්වයේ ස්ථාවර දෑත දිගු කර ඇති බවත් සිහිපත් කළේය.

මාලදිවයින් ගොඩනැගී ඇති පදනම හැඩගැස්වීමට සහ එහි ප්‍රගතිය පෝෂණය කිරීමට ශ්‍රී ලංකාව ලබා දුන් සහායට මාලදිවයින් ජනතාව කෘතවේදී වන බව ද ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සඳහන් කළේය.

සාගරය මගින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් බෙදා වෙන් නොකරන අතර, එය දෙරට එක්සත් කරන බවද ඉන්දියන් සාගරය සාමයේ, ස්ථාවරත්වයේ සහ සැමට අවස්ථාවන් උදා කරන මුහුදක් ලෙස පවතින බව සහතික කිරීම සඳහා දෙරට සතු ලොකුම ශක්තිය වන්නේ එම එකමුතුකම බවද ඔහු පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස යනු වර්තමානයේ ලෝකයම මුහුණ දෙන අභියෝගය බව සඳහන් කළ මාලදිවයින් ජනාධිපතිවරයා කුඩා ජාතීන්ට නොනැසී පැවතීමට සහ දියුණු වීමට ඇති අයිතිය වෙනුවෙන්, දේශගුණික යුක්තිය වෙනුවෙන් එක්ව හඬ නැගිය යුතු බව සඳහන් කළේය.

නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ ගෝලීය උපදේශනය වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් දෙරට මුහුණ දෙන සියළු අවදානම් හවුල් ශක්තියක් බවට පත් කර ගත යුතු බවද දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට අර්ථයක් ලබා දෙන්නේ දෙරටේ ජනතාව බවද මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා ප්‍රකාශ කළේය.

සාක්ෂරතාවය, සෞඛ්‍ය සේවා සහ මානව සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ මාලදිවයිනට දිගු කලක් තිස්සේ ආදර්ශයක් වී ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අනාගතය දෙස බලන විට, තරුණ පරපුර බලගන්වන සහ දෙරටේ සමාජයන් නගා සිටුවන අධ්‍යාපනය, පුහුණුව සහ තාක්‍ෂණය යන අංශවල අවස්ථා නිර්මාණය කරමින් මෙම බැඳීම තවදුරටත් ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

එසේ පෝෂණය කරන සෑම ශිෂ්‍යයෙකුම, සුවපත් කරන සෑම ජීවිතයක්ම සහ දිරිමත් කරන සෑම මනසක්ම වඩාත් සාමකාමී සහ සමෘද්ධිමත් කලාපයක් සඳහා කරන ආයෝජනයක් බව ඔහු අවධාරණය කළේය.

මාලදිවයින්- ශ්‍රී ලංකා මිත්‍රත්වය ලියා ඇත්තේ නිවේදනවල පමණක් නොවන බවත් එය ජීවත් වන්නේ දෙරටේ ධජ, භාෂා සහ ආහාර පිළිබඳව දැන හැඳින වැඩෙන අපේ දරුවන්ගේ සිනහව තුළ බවත් මාලදිවයින් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

පරම්පරා ගණනාවක් පුරා දෙරටේ පුරවැසියන් අතර හුවමාරු වන උණුසුම සහ එක් ජාතියක් අනෙක් ජාතියේ සාර්ථකත්වය සමරන විට බෙදා ගන්නා නිහඬ ආභිමානය තුළ එම බැඳීම පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

එවැනි බැඳීම් කෘතිමව නිර්මාණය කළ නොහැකි බව පෙන්වා දුන් මාලදිවයින් ජනාධිපතිවරයා ඒවා දැනිය යුතු, අත්විඳිය යුතු සහ අගය කළ යුතු බව අවධාරණය කළේය.

ඉන්දියන් සාගරය පුරා දෝංකාර දෙන සත්‍යයක් වන්නේ ක්ෂිතිජය විශාල නමුත් එය සැමවිටම අහස සහ මුහුද යා කිරීම බව සඳහන් කළ මාලදිවයින් ජනාධිපතිවරයා මාලදිවයින්- ශ්‍රී ලංකා මිත්‍රත්වය ද බොහෝ දුරට විහිදෙන නමුත් සැමවිටම පොදු අරමුණක් සහ අන්‍යෝන්‍ය ගෞරවයක් ඇති තැනකදී එක් වන බව ප්‍රකාශ කළේය.

දෙරටේ අතීතය පිළිබඳ කෘතඥතාවයෙන්, වර්තමානය පිළිබඳ විශ්වාසයෙන් සහ දෙරටේ හවුල් අනාගතය පිළිබඳ බලාපොරොත්තුවෙන් යුතුව මෙම ක්ෂිතිජය දෙසට එක්ව ගමන් කිරීමට ආරාධනා කරන බවද මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව අනාගතයේදී තව තවත් ශක්තිමත් වේවා!යි ප්‍රාර්ථනා කරන බවද ඔහු සිය කතාව අවසන් කරමින් පැවසීය.

මාලදිවයින් ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් රාජ්‍ය නායකයින්ගේ සමරු සටහන් පොතේ අත්සන් තැබීමද මෙහිදී සිදු විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana