හෙට ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

හෙට ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

May 3, 2026   03:51 pm

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (04) දිනයේ දී උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට දිනය සඳහා වලංගු වන පරිදි, මෙම නිවේදනය නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, උතුරු, උතුරු - මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු '' මට්ටමක පැවතිය හැකි බවය.