ඉන්දියාවට එ.ජා ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක් - සජිත් ප්‍රේමදාස
May 2, 2026 08:14 pm
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන සහ ප්‍රායෝගික අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, ZEE MEDIA WION ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව අද (02) අමතමිනි.
ඉන්දියාවේ මෙම අපේක්ෂාවට තමන් නිරන්තරයෙන් සහ වාචිකව සහාය දක්වනු ලබන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින "නොසැලෙන බැඳීම" හේතුවෙන් බව ඔහු අවධාරණය කළේය.
දෙරට අතර ඇති විශේෂ උපායමාර්ගික සම්බන්ධතාවයක් පෝෂණය කිරීම කෙරෙහි විශ්වාස කරන බවත් එය ගැඹුරින් මුල් බැසගත් ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා මත ගොඩනගා ඇති බැවින් එය විදේශ ප්‍රතිපත්තියේ මූලික පදනම ඇති කරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඇතුළත් කිරීම හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවන් නොවන බවත් එය සමකාලීන භූදේශපාලනයේ යථාර්ථයන් ප්‍රායෝගිකව පිළිගැනීමක් බව සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
