header logo
Vallibel FD
උණුසුම් පුවත්
ඉන්දු - ලංකා සබඳතාවට බලපෑම් කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම්
May 02, 202604:47 PM
ඉන්දු - ලංකා සබඳතාවට බලපෑම් කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම්
Mobitel 1278

ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එළැඹෙන 04 වැනිදා පස්වරුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසිම පසුගිය අප්‍රේල් 23 වැනිදා ඉතා උණුසුම් අයුරින් නිමාවට පත්විය.

කෙසේ වෙතත් සමස්ත ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා වෙසෙන ද්‍රවිඩ ජනතාවගේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ ඡන්ද ප්‍රතිඵලය දෙසට වේ.

මේවර මහමැතිවරණයේ වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ඡන්ද භාවිත කිරීම කැපී පෙනෙන ලක්ෂණය විය.

සියයට 85.15%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබූ බවට සඳහන් වේ.

මෙය තමිල්නාඩු මැතිවරණ ඉතිහාසයේ ඉහළම ඡන්ද ප්‍රතිශතයක් වන අතර එය 2021 වසරට වඩා 11%ක පමණ කැපී පෙනෙන වර්ධනයක් බවද වාර්තා වේ.

මෙවර දේශපාලන සටනේ වැඩි අවධානය යොමුව තිබුණේ තමිලග වෙට්‍රි කලගම් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ සුපිරි නළු විජේගේ ආගමනය දෙසටයි.

කෙසේ වෙතත් වර්තමාන ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් සහ අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් BJP ඒකාබද්ධ සන්ධානය අතර තියුණු සටනක් පැවැතිණි.

ඉන්දීය දේශපාලන විචාරකයින් සඳහන් කර ඇත්තේ මෙවර මැතිවරණයෙන්ද එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානය ජයගනු ඇති බවය.

TVK පක්ෂය තරුණ ඡන්ද පදනමට දැඩි බළපෑමක් එල්ල කර තිබුණද මැතිවරණ ජයග්‍රහණයේ වාසිය DMK පක්ෂයට හිමිව ඇති බව ඉන්දීය දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබේ.

ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය ලබා ගැනීමට නම් එක් කණ්ඩායමක් අවම වශයෙන් 118ක් ජයග්‍රහණය කළ යුතුවේ.

අවසන් වරට පැවැති තමිල්නාඩු මැතිවරණයේදී DMK සන්ධානය ආසන 159ක් දිනාගත් අතර එහිදී ADMK සන්ධානයට හිමිවූයේ ආසන 75ක් පමණි.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජයග්‍රහණය ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරයටද බලපාන අතර ඊට හේතුව වි ඇත්තේ තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය හිමි ප්‍රාන්තය වීමයි.

මෙම මැතිවරණ ප්‍රතිඵලය මෙරටටද සෘජුවම බලපෑම් කරන අතර මතභේදාත්මක කච්චතිව් දූපත සහ ඉන්දු - ලංකා ආර්ථික සබඳතා පිළිබඳව තමිල්නාඩු රජය දරන ස්ථාවරය බොහෝ සෙයින් වැදගත් වේ.

එමෙන්ම නව තමිල්නාඩු පාලකයින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට සිදුකරන බලපෑම ඉන්දු - ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල අනාගතයද තීරණය කරනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana