header logo
SLIC
උණුසුම් පුවත්
මුම්බායි කොමඩු මිල සීඝ්‍රයෙන් පහළ දැමූ එකම පවුලේ සිව්දෙනාගේ මරණය අබිරහසක්
May 02, 202610:56 AM
මුම්බායි කොමඩු මිල සීඝ්‍රයෙන් පහළ දැමූ එකම පවුලේ සිව්දෙනාගේ මරණය අබිරහසක්
EDEX

මුම්බායි නුවර එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු මියයාමට හේතුව පැණි කොමඩු අනුභව කිරීම බවට පැතිර යාමත් සමඟ මුම්බායි සහ ඒ අවට ප්‍රදේශවල පැණි කොමඩු මිල විශාල ලෙස පහත වැටී තිබුණි.

පැතිර ගිය පුවත් අසත්‍ය බවත්, එය කිසියම් විෂ වර්ගයක් ශරීරගත වීමෙන් සිදු වූවක් බවටත් නවතම අධිකරණ වෛද්‍ය වාර්තා මගින් තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

45 හැවිරිදි මොබයිල් උපාංග අලෙවිකරුවෙකු වූ අබ්දුල්ලා ඩොකාඩියා, ඔහුගේ බිරිඳ නස්රීන් (35), සහ දියණියන් දෙදෙනා වන සයිනබ් (13) සහ අයේෂා (16) මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඥාතීන් පිරිසක් සමඟ රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු, අලුයම 1:00 ට පමණ මෙම පවුලේ පිරිස පැණි කොමඩු අනුභව කර ඇත.

අලුයම 5:00 වන විට ඔවුන් සියලු දෙනා වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් අසනීප වී ඇති අතර, පැය කිහිපයක් ඇතුළත ඔවුන් මියගොස් තිබේ.

මූලික පරීක්ෂණවලට අනුව මියගිය පුද්ගලයන්ගේ මොළය, හෘදය සහ අන්ත්‍ර ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කොළ පැහැයට හැරී ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරුන් පවසන්නේ සාමාන්‍ය ආහාර විෂ වීමකදී මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවයි.

තවද, පවුලේ ප්‍රධානියා වූ අබ්දුල්ලාගේ සිරුරේ තිබී මෝෆීන් (Morphine) නමැති ප්‍රබල වේදනා නාශකය අඩංගු වී තිබූ බවට සාධක හමු වී ඇත.

මෙය වෛද්‍ය උපදෙස් මත ලබාගත් එකක්ද, නැතහොත් වෙනත් සැකකටයුතු මැදිහත්වීමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, මරණය සහ කොමඩු අනුභවය අතර සෘජු සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති බව ඉන්දීය ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පවසයි.

මෙය හදිසි මරණයක් ලෙස සලකා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

එදින රාත්‍රියේ ඔවුන් සමඟ ආහාර ගත් අනෙකුත් ඥාතීන් පස්දෙනාට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් මතු වී නොමැති අතර, පොලිසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පවුල කිසියම් මානසික පීඩනයකින් පසු වූයේද යන්න පිළිබඳවද අවධානය යොමුව තිබේ.

වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ සඳහා මියගිය අයගේ ශරීර කොටස් රසායනාගාර වෙත යවා ඇති අතර, අවසන් වාර්තාව ලැබෙන තෙක් මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ නොහැකි බව බලධාරීන් අවධාරණය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට