header logo
SLIC
උණුසුම් පුවත්
ජනපති අනුරගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නැහැ - දිලිත්
May 01, 202602:16 PM
ජනපති අනුරගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නැහැ - දිලිත්
Mobitel 1278

ජනාධිපති අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නොමැති බවත්, ඉතාමත් කෙටි කාලයක් ඇතුළත විශාලතම දූෂණයන් කරපු ආණ්ඩුව මෙය වන බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා පවසයි.

කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී අද (1) පැවැත්වෙන සර්වජන බලය මැයි දින සැමරුමට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටේ දියුණුවට අතදෙන විශාලතම ධනය වන්නේ, ඒ රටෙහි මානව ධනය බවත්, ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනැගෙන්නේ වැඩකරන ජනතාවගෙන් බවත් හෙතෙම පැවසීය.

කෙසේ නමුත් මෙවර මැයි දිනය සැමරීමට සිදුව ඇත්තේ ඛේදජනක වටපිටාවක වන බව ද දිලිත් ජයවීර මහතා පවසයි.

එමෙන්ම ඒ මහතා සඳහන් කර සිටියේ, වැඩකරන ජනතාවට එරෙහිව මෙලෙස රාජ්‍ය බලය භාවිත කළ වෙන කිසිදු ආණ්ඩුවක් නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා

''ලංකාව මේක සමරන්නේ ඛේදජනක වටපිටාවක...මුදල් අමාත්‍යංශයේ කෙනෙක් මැරෙනවා.. ඩොලර් මිලියන ගාණක් හැකර්වරු හොරකම් කළා කියන පසුබිමක. එකේ ඇත්ත හෙළි කරපු රාජ්‍ය නිලධාරියා අබිරහස් ලෙස මැරෙනවා.

මේ රජය ආපු දවසේ ඉදන් මේ මරණය වෙනකල්ම වැඩ කරන ජනතාවට එලවා එලවා ගහපු ආණ්ඩුවක්. වෙන කිසිම ආණ්ඩුවක් වැඩ කරන ජනතාවට එරෙහිව මෙහෙම රාජ්‍ය බලය පාවිච්චි කළේ නෑ. විදුලිබල මණ්ඩලයේ අයට කිව්වේ කොහොමද, ජීවිතයට ආදරයක් තියෙනවා නම් වෘත්තීය සමිති සටන් පටන් ගන්න එපා කියලා. ඉතිං මෙයාලට පුලුවන් ද ලෙනින්ගේ, මාක්ස්ගේ, විජේවීරගේ ෆොටෝ ගහලා නිර්ධන ජනතාව වෙනුවෙන් රැලි පවත්වන්න.

වාමාංශික ව්‍යාපාරය කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ හද ගැස්මේ ව්‍යාපා‍රය. නිර්මල මිනිස්සුන්ගේ ව්‍යාපාරය. ඒ අය කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති ව්‍යාපාරවලට ආපු අය නෙමේ. ඒක මේ අය නැති කරලා.

අපි වාමවාදී දේශපාලනයට නව බලාපොරොත්තුවක් ගේනවා. මේ මව්බිම බේරගන්න වෙන බලවේගයක් නෑ. හදවතින් දේශපාලනය කරන අපි වගේ වෙන කෙනෙක් නෑ. කවුරු මොන විදිහට කුමන්ත්‍රණය කළත් ජාති ආගම් කුල බේදයකින් තොරව අපි එකතු වෙනවා.

මේ සභ්‍යත්වට අපි රැක ගන්න ඕනේ. අපේ අවංක දේශපාලනය ගොඩ නැගෙන ආකාරය ඔබ ඇස් දෙකෙන්ම දැක්කා. පැය 24ක් ඇතුළත දැනුම් දුන්නාම ඔබ ආවා. ඒක තමා අපේ ශක්තිය..

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට තවත් අනාගතයක් නෑ. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුව ගෙනල්ලා ඇඬුවා. ඒක තිබ්බලු අඳුරු කුටියක. ඒක පාර්ලිමේන්තුව ගෙනල්ලා විවාදයක් ගෙනාවා. දැන් කෝ ඒ වාර්තාව. කෝ බටලන්ද නඩුව. 60,000ක් බිලි දුන්න පක්ෂය. අනුර කුමාරට කතා කරන්න අයිතියක් නෑ.. 60,000ක තරුණයින්ටවත් අඩුම තරමේ වගකියන්න ඕනේ ඔයාලා. ඔවුන් සිහිනයක් වෙනුවෙන් මැරුණ අය..

ඊයේ පෙරෙදා මිය ගිය තරුණයාත් සිහිනයක් වෙනුවෙන් මිය ගියේ. දැන් ඒ සිහිනය බොදවෙලා. මෙතන අනුර කුමාරගේ ආණ්ඩුවක් නෑ. අනුරයි රනිලුයි එකතු වෙලා අටවපු කැලෑ පොලිසීයෙන් තමා ආණ්ඩුව දුවන්නේ. මම ඔබට කියන්නේ මේ ව්‍යාජ දේශපාලනය තේරුම් ගන්න. මේ පොත රනිල්ගේ, කවරේ විතරයි අනුරගේ කිව්වට කවුරුත් විශ්වාස කළේ නෑ.

ජාතිවාදය ගේන්නෙම මේ අය එකතු වෙලා. මේක ව්‍යාජ දේශපාලනයක් මේක අටවපු ප්‍රොක්සි ආණ්ඩුවක්. මේකේ පිටිපස්සේ දේශීය විදේශීය සියලු බලවේග ඉන්නවා. නැත්තේ අහිංසක ජනතාව විතරයි. ජනතාවට කියන්න තියෙන්නේ අපිට දුකයි ඔබ ගැන, ඔබට වුණ දේ ගැන. කරුණාකරලා ඔබ ගැන හිතන්න. ඉතාම කෙටි කාලයක් තුළ විශාලතම දූෂණ කරපු ආණ්ඩුවක් මේක.. මේ ආණ්ඩුවට තවදුරටත් අදූෂිත ආණ්ඩුවක් කියන සටන් පාඨය පාවිච්චි කරන්න බෑ''

දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණයක් කරන්න, රට යන්න හිතෙන අපේ තාරුණ්‍යයට නව බලාපොරොත්තුවක් ගේන්නයි අපිට ඕනේ. අපි අපේ සටන් පාඨය දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කියලා යොදලා තියෙන්නේ ඒක නිසා. කලාපීය, ගෝලීය වශයෙන් ඒ දේශපාලනයට ආර්ථිකයට ස‍රිලන පරිසරයක් නිර්මාණය කරන එකයි අපේ අරමුණ. ඒ බලවේගයට එකතු වුණ ඔබ සියලු දෙනාටම ස්තූතියි.

බලාපොරොත්තු තියාගන්න සර්වජන බලය ඒකාන්තයෙන්ම බලය ලබා ගන්නවා. මේ මව්බිමට ආදරය කරන මිනිස්සු කොන්දේසි විරහිතව අපි එකතු කර ගන්නවා. ආණ්ඩුව විතරක් නෙමේ ඒකට මුක්කු ගහන බලවේගත් අපි පරාජය කරනවා. ජනතාවට ඇත්ත පහදලා දීලා දත්ත සහිතවයි අපි කතා කරන්නේ. ඒ විශ්වාස‍ය ගමට යද්දී ඔබ අරන් යන්න.. ගමට ගිහින් කතා කරලා දැනුවත් කරලා ජනතාව අභිප්‍රේරණය කරන්න.. අපිට මේක කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් ගමට යන්න".

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...