header logo
SLIC
උණුසුම් පුවත්
මීට පෙර පාලකයින් ගනු ලැබුවේ වරප්‍රසාද වැඩි කරන තීන්දුයි - ජනපති නුවරඑළියේදී කියයි
May 01, 202612:26 PM
මීට පෙර පාලකයින් ගනු ලැබුවේ වරප්‍රසාද වැඩි කරන තීන්දුයි - ජනපති නුවරඑළියේදී කියයි
Mobitel 1278

මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමිනි.

වත්මන් ආණ්ඩු විසින් ජනතා වෙනුවෙන් තීන්දු සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනු ලබන තීන්දු ගෙන ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මීට පෙර පැවැති ආණ්ඩු ගනු ලැබුවේ, පාලකයින්ගේ වරප්‍රසාද වැඩි කරන තීන්දු සහ ජනතාවට පීඩාව ගෙනත් දෙන තීන්දුය.

"අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු වතාවට තමයි මැයි දින රැලියක් පවත්වන්නේ. අපි පළමු අවස්ථාවට මැයි රැලිය පවත්වනකොට, මීට පෙර පවත්වපු කිසිවෙක් අද මැයි දින පවත්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකක්ද? මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ මලයගම් ජනතාව ඇතුළු සියලු ජනතාව අද විශ්වාසය තබලා තිබෙන්නේ, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කියන පණිවුඩය තමයි දීලා තිබෙන්නේ. මේ ආණ්ඩුව හැදුවේ. මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුව ජයග්‍රහණය ගෙනත් දෙන්නේ, මේ රටේ ජනතාවට. මතක තබාගන්න ලංකාවේ හැදිලා තිබෙන ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුව මේක.

මේ මලෛයගම් ජනතාව මේ ආණ්ඩුව විශ්වාස කරනවා. අපි උතුරට ගියොත්, ඒ ජනතාව විශ්වාස කරන්නෙත් මේ ආණ්ඩුව. අපේ නැගෙනහිරට ගියොත් ඒ ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව. දකුණේ සියලු දෙනා විශ්වාස කරන්නේ, මේ ආණ්ඩුව. ඒ කියන්නේ මොකක්ද.? ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක්, වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩනැගිලා තිබෙනවා.

මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙක ඇතුළත බොහෝ තීන්දු තීරණ ගත්තා. බොහෝ වැඩකටයුතුවලට මුල් පියවර තිබ්බා. ඒ හැම එකේම අරමුණ, ප්‍රතිඵලය මොකක්ද.? මේ රටේ වැඩ කරන ජනතාවට හොඳ ආදායම් මාර්ගයක්, අධ්‍යාපනයක්, ඉන්න නිවසක්, නීතිය තිබෙන රටක්, ජාතික සමගිය තියෙන රටක් ගොඩනැංවීමයි.

අපි තීන්දු වර්ග දෙකක් ගත්තා. එකක් ජනතාව වෙනුවෙන් තීන්දු, අනික පාලක පන්තියේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු. වෙනදා ආණ්ඩු ගන්න තීන්දු මොනවාද.? පාලකයන්‌ගේ වරදාන වරප්‍රසාද වැඩිකරගන්න තීන්දු. ජනතාවට පීඩාව, වේදනාව ගෙනත් දෙන තීන්දු. අද ඒකේ අනිත් පැත්ත. තීන්දු ගන්නා වරප්‍රසාද කප්පාදු කරන තීන්දු. තීන්දු ගන්නා වැඩකරන ජනතාවගේ ජීවන මට්ටම උසස් කරන තීන්දු අරන් තියෙනවා. එහෙම නම් මේක තමයි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව.."

2026 වසරේදී වංචා දූෂණයට අදාළව අතිවිශාල පිරිසක් බන්ධනාගාර ගත වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමින් අවධාරණය කළේය.

මැයි මාසයේදී දස දෙනෙකුගේ නඩු අධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබෙන බවත්, ඉන් එකක තීන්දුවක් මෙම මස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට ඊයේ (අප්‍රේල් 30) නියම කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා තියෙනවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. අල්ලස් කොමිසම ශක්තිමත් කරලා තියෙනවා. අල්ලස් කොමිසමේ ඉඩ මදි කියලා කිව්වා. අපි හිටපු ඇමති කෙනෙකුගේ ගෙයක් අරන් දුන්නා. අල්ලස් කොමිසටම. දැන් පරීක්ෂණ ටික යනවා. අපි ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීති හදලා දුන්නා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කළා නඩු අහන්න. එදා කාලා බීලා හිටපු ගෙවල්වලට දැන් එනවා සාක්ෂි දෙන්න. අධිකරණ හදලා, ශක්තිමත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලය. මම සහතිකයක් දෙන්නම්. මේ 2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙනවා. මේ මැයි මාසේම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණයේ. ඊයේ නඩු තීන්දුවක් ලබා දෙන්න දින නියම කළා. ඒ තීන්දුව මැයි මාසයේ එනවා. මොකක්ද සිදුවෙමින් තිබෙන්නේ.? වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතලයින්, හිරේට යමින් තිබෙනවා. නඩු අහමින් තිබෙනවා. ඒ ගොල්ලන් කලබල වෙනවා. කලබල වුණේ නැත්නම් තමයි පුදුමේ. නීතිය දොරකඩට ඇවිත් තියෙනවා. මේ සෑම අපරාධකාරයෙක්ම නීතිය හමුවට ගෙන යාම සඳහා ඔබ අපිට ජන වරමක් ලබා දුන්නා. අපි ඒ් ජනවරම අනුව කටයුතු කරනවා. පරම්පරාවෙන් ජනාධිපතිවරුන් ද පරම්පරාවෙන් අගමැතිවරුන් ද අපි මනින්නේ නැහැ. හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද හිටපු ජනාධිපතිගේ බිරිඳ ද ජනාධිපතිගේ පුතා ද හිටපු ජනාධිපතිගේ බෑනා ද හිටපු ජනාධිපතිගේ මස්සිනා ද කියලා භේදයක් නැහැ. නීතිය සමානව ළඟට එනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප