header logo
Vallibel FD
උණුසුම් පුවත්
දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි
Apr 30, 202605:23 PM
දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි
Mobitel 1278

කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරීක හා මානසික දණ්ඩනය ළමයාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරිය මේ බව සඳහන් කළේ, අප්‍රේල් 30 දිනට යෙදෙන ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා පණිවුඩයක් නිකුත් කරමිනි.

ළමයා විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණවලින් නිශ්චිතව මේ බව තහවුරු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

ළමුන් හික්මවීම සඳහා දෙමාපියන්, වැඩහිටියන් සහ ගුරුවරුන් ලෙස දශක ගණනාවක සිට අප විවිධ ශාරීරික දඬුවම් ක්‍රම භාවිත කරමින් සිටිමු.

ඒ අනුව රටක් ලෙස සංස්කෘතිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ළමුන්ට නිවස තුළදී හෝ පාසල තුළදී ශාරීරික දඬුවම් සිදුකිරීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බව ඇය පෙන්වා දෙයි.

1989 දී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ 19 වගන්තිය යටතේ ළමුන්ට සියළු ආකාරයේ අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය පිළිබඳව පැහැදිලිව දක්වා ඇත.

ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබීම තුළ 1990 වර්ෂයේ සිටම ජාත්‍යන්තර වශයෙන් බැඳියාවක් දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ අවධාරණය කළාය.

රටේ මූලික නීතිය ලෙස සලකන 1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින්ද කිසිදු පුද්ගලයෙකුට හිරිහැර කිරීමකට හෝ කෲර, අමානුෂික හෝ අගෞරවනීය ආකාරයේ සැලකීමකට හෝ දඩුවමකට ලක් නොවී සිටීමට මූලික අයිතිවාසිකමක් තිබේ.

මීට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහය 308 (අ) වගන්තිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද පාසල් විනය පිළිබඳ 12/2016 සහ 11/2026 චක්‍රලේඛ මගින්ද දක්වා ඇත්තේ ළමුන් හික්මවීම සඳහා ශාරීරික හෝ මානසික හිංසනය කිසිසේත් භාවිතා නොකළ යුතුය.

ළමුන් වෙනුවෙන් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2024 වර්ෂයේදී බොගෝටාහීදී පැවැති අමාත්‍යවරුන්ගේ පළමු ලෝක සම්මේලනයේදී දෙනු ලැබූ ප්‍රතිඥා අතරින් එක් සුවීශේෂී පොරෙන්දුවක් වන්නේ ළමුන් හික්මවීම සඳහා යොදාගන්නා ශාරීරික දඬුවම් තහනම් කිරීමය.

එම කාර්යය තවදුරටත් ශක්තිමත් කරමින් සුරක්ෂිත පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිංසනයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පාසල් පරිසරයක් නිර්මාණය සඳහා ධනාත්මක ශික්ෂණය පිළිබඳ පාසල් ගුරුවරුන්ගේ දැනුම සංවර්ධනය කිරීමද කිරීමටද ශ්‍රී ලංකාව එකඟවී ඇති බව ජාතික ළමා අධිකාරිය පෙන්වා දෙයි.

ශාරීරික දණ්ඩනය යනු ළමයෙකුට සිදුකරන ශාරීරික අපයෝජනයක් වන බව එම අධිකාරිය අවධාරණය කළේය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තාවන පැමිණිලි අතරින් දෙවන වැඩිම පැමිණිලි වර්ගය වනුයේ ශාරීරක හිංසනය සම්බන්ධ පැමිණිලි වන අතර වාර්ෂිකව 2000 – 2500ක් අතර ශාරීරික දඬුවම් ප්‍රමාණයක් වාර්තාවේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana