header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්
Apr 30, 202612:47 PM
15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්
Mobitel 1278

දූෂණයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇත.

කාන්තාවන්ට තම ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තහවුරු කරමින්, පවතින පැරණි නීති වහාම වෙනස් කළ යුතු බව අධිකරණය අවධාරණය කළේය.

දූෂණයකට ලක්වූ අවස්ථාවකදී ගබ්සාව සඳහා පනවා ඇති කාල සීමාවන් (නීතිමය වශයෙන් පවතින සති 24 සීමාව) අදාළ නොවිය යුතු බව අධිකරණය පැවසීය.

රජය විසින් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම වින්දිත දැරියගේ සහ ඇයගේ පවුලේ තීරණවලට ගරු කළ යුතු බවත්, එයට අභියෝග කිරීමට රජයට අයිතියක් නොමැති බවත් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

"මෙම දැරිය විඳින පීඩාව කිසිදු දෙයකින් වන්දි ගෙවිය නොහැකි එකක්. සෑම විනාඩියකම ඇය දරා සිටින්නේ ඒ වේදනාවයි. වින්දිත දරුවා සහ කළලය අතර සටනකදී, දරුවාට ගෞරවාන්විතව ජීවත් වීමට ඉඩ දිය යුතුයි," යනුවෙන් අධිකරණය පැවසීය.

කෙසේ වෙතත් ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය තර්ක කළේ සති 31ක් යනු ගබ්සාවක් සිදු කිරීමට ඉතා ප්‍රමාද වැඩි කාලයක් බවය. එහිදී දරුවා ජීවතුන් අතර සිටිය හැකි නමුත් දැඩි විකෘතිතා සහිතව උපත ලැබිය හැකි බවත්, එය මවගේ ජීවිතයට ද අවදානමක් විය හැකි බවත් ඇය පෙන්වා දී ඇත.

දරුවා ප්‍රසූත කර දරුකමට හදා ගැනීමට දීම වඩාත් සුදුසු බව රජයේ මතය විය.

මීට පෙර මෙම නඩුව විභාග කළ විනිසුරුවරිය ප්‍රකාශ කළේ, බලහත්කාරයෙන් දරුවා ප්‍රසූත කිරීමට දැරියට බල කිරීම ඇයගේ මූලික අයිතිවාසිකම් සහ ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවය. මෙම දැරිය ඒ වන විටත් දෙවරක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ අතර, ඇය දැඩි මානසික කම්පනයකින් පසු වන බව අධිකරණය නිරීක්ෂණය කළේය.

මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, දූෂණයට ලක්වූ වින්දිතයන් සඳහා ඉන්දියාවේ ගබ්සා නීතිය වඩාත් නම්‍යශීලී සහ මානුෂීය වනු ඇති බවට බව පැවසේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ