header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලෝක ප්‍රසිද්ධ වීදුරු නගරය වැසීයාමේ අවදානමක
Apr 29, 202611:40 AM
ලෝක ප්‍රසිද්ධ වීදුරු නගරය වැසීයාමේ අවදානමක
Mobitel 1278

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆිරෝසාබාද් (Firozabad) නගරය ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ වීදුරු සහ වළලු නිෂ්පාදනයටයි.

ෆිරෝසාබාද්හි කුඩා නිෂ්පාදන මධ්‍යස්ථාන 400කට වඩා පවතින අතර, ඒවායේ මෝටර් රථ ලාම්පු ආවරණ, වළලු, විදුලි පහන් ආවරණ සහ විසිතුරු පහන් වැනි විවිධ භාණ්ඩ නිපදවයි.

මේ අතර, ඉන්දියාවේ වීදුරු නිෂ්පාදනය ගත්කළ 70% වීදුරු නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම නගරයේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නමුත් වර්තමානයේ මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් එම නගරයේ කර්මාන්ත ශාලාවන්ට දැඩිලෙස බලපෑම් එල්ල වී තිබේ.

මෙම වීදුරු උණු කරනු ලබන පෝරණු දිවා රාත්‍රී ක්‍රියා කිරීමට ස්වභාවික වායුව (gas) අවශ්‍ය වේ.

යුද්ධය නිසා මෙම ස්භාවික වායුව සැපයුම සීමා වී ඇති අතර, පවතින ස්වභාවික වායු (gas)වල මිල අධික ලෙස ඉහළ ගොස් ඇත.

මෙලෙස වායු සැපයුම 20%කින් පමණ අඩු වීම නිසා නිෂ්පාදන ධාරිතාව 40% - 50% දක්වා පහත වැටී තිබේ.

මේ හේතුවෙන් බොහෝ කුඩා කර්මාන්තශාලා දැනටමත් වසා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ෆිරෝසාබාද් නගරයෙන් අමෙරිකාව සහ යුරෝපය වැනි රටවලට යවන වීදුරු භාණ්ඩ ප්‍රවාහනය කරන මුහුදු මාර්ග විශේෂයෙන් පර්සියානු ගල්ෆ් කලාපය අවදානම් සහගත වී ඇති නිසා නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

ජීවනෝපායට ඇති බලපෑම

මෙම නගරයේ ලක්ෂ 1.5කට අධික පිරිසක් සෘජුව සහ වක්‍රව මෙම නගරයේ කර්මාන්ත ශාලාවන්ගෙන් යැපෙන බව සඳහන් වෙයි.

දැනටමත් දහස් ගණනකට රැකියා අහිමි වී ඇති අතර තවත් බොහෝ පිරිසක් අර්ධකාලීනව වැඩ කරනු ලබන බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

ඔවුන් දිනකට උපයනු ලබන්නේ රුපියල් 500ත් 1,000ත් අතර මුදලක් බව සඳහන් වෙයි.

වර්තමානය වන විට එදිනෙදා ජීවනෝපායට අවශ්‍යවන භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළයාම හමුවේ සේවකයින්ට ලැබෙන එම වැටුප ඔවුන්ගේ ජීවනෝපායට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එහි කර්මාන්ත සේවකයින් පවසා ඇත.

ආර්ථික හානිය

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක්ම ලැබෙන්නේ මෙවැනි කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත හරහාය.

සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම මාර්තු සිට අගෝස්තු දක්වා කාලය උත්සව සඳහා ඇණවුම් ලැබෙන කාලය වුවත්, මෙවර එම ඇණවුම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව සඳහන් වෙයි.

යුද්ධය ආරම්භ වූ දා සිට 25% සිට 40% දක්වා පාඩු ලබන බව කර්මාන්තශාලාවන්හි නිළධාරීන් පවසා තිබේ.

මේ අතර, අන්තර් ඉන්දියානු වීදුරු නිෂ්පාදකයින්ගේ සම්මේලනයේ මුකේෂ් බන්සාල් මහතා පවසා ඇත්තේ වීදුරු උණු කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම ඇතැම් ඒවා මැදපෙරදිග රටවලින් ද ආනයනය කරනු ලබයි.

මෙම ඇතැම් රසායනික ද්‍රව්‍ය මැදපෙරදිගින් ගෙන්වන බැවින් මැදපෙරදිල යුදමය තත්ත්වය හේතුවෙන් එම සැපයුම් ජාලයට ද බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වෙයි.

රජයේ මැදිහත් වීම

පෝරණු (furnaces) නොකඩවා ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය රජය පිළිගෙන ඇති අතර, සැපයුම් කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව පවසා ඇත.

මේ අතර, මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් එම කර්මාන්තශාලා සම්පූර්ණයෙන්ම වසා දැමීමට හෝ නිෂ්පාදනය සීමා කිරීමට සිදුවනු ඇති බව කර්මාන්තශාලා නිළධාරීන් පවසා තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana