header logo
Vallibel FD
උණුසුම් පුවත්
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
Apr 28, 202607:45 PM
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
Mobitel 1278

මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ඕස්ටේලියානු රජයට අයත් ආයතනයකට ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික පාර්ශවයක් අතට බැරවීම සම්බන්ධයෙන් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල්වරට අධිකරණයට කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ප්‍රශ්නගත ගෙවීම සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ
e-mail පද්ධතිය භාර සමාගම පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදීත්, පසු විපරමකින් තොරව මෙම මුදල් බැහැරකිරීම සිදුකර ඇති බවය.

ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදූවීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් නිර්මාණයවී ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද මුල්වරට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

සිදුකෙරෙමින් පවතින විමර්ශනය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා ඉල්ලා සිටියේ මෙම විමර්ශනය සංවේදී, සූක්ෂ්ම කරුණු ඇතුළත් ක්‍රියාවලියක් වන බැවින් ඊට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන පිටු 27කින් යුතු වාර්තාව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා සතු ආරක්ෂක සේප්පුවෙහි තැන්පත් කරන ලෙසය.

වැඩිදුර වාර්තාවේ විවෘත අධිකරණයේ සඳහන් කරන කරුණුවලට අමතර සංවේදී සියුම් කරුණු ඇතුළත් බැවින් ඒ පිළිබඳ මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමුකරන ලෙසද විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

"ස්වාමිනි, ශ්‍රී ලංකා මහබැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ e-mail ලිපිනයක් හරහා වංචනික පිරිසකට බැහැර කිරීම සම්බන්ධයෙන් 2026 මාර්තු 24 ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය සිදුකරනවා. ස්වාමිනි, විවිධ කටයුතුවලට අදාළව මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 05ක් සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරටට ණය ආධාර ලැබී තිබෙනවා. පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා එම ණය ගෙවීම සිදුකරමින් සිට තිබෙනවා. එහිදී ඔස්ට්‍රේලියානු රජයේ Export finance australia නැමැති ආයතනයට සිදුකරන ලද ගෙවීමක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්න සහගත තත්ත්වය ඇතිවී තිබෙන්නේ. ගනුදෙනු සිදුවෙමින් පවතින එක් අවස්ථාවකදී අදාළ සමාගමේ e-mail ලිපිනයට සමාන e-mail ලිපිනයකින් ගෙවීම්වලට අදාළ ඉන්වොයිසය ඇවිල්ලා තියෙනවා. මෙහිදි මුදල් ගෙවීම සිදුකළ යුතු ආයතනයේ Domain එක කුඩා වෙනසකට තමයි ලක්වෙලා තියෙන්නේ. නිවැරදි domain එක ඕස්ට්‍රේලියානු රජයට අයත් "exportfinance.gov.au" වෙද්දි, ව්‍යාජ domain එක "exportfinance.av.com" නමින් වාණිජ අරමුණක් සහිත domain එකක් ලෙස වෙනස්කර තිබෙනවා. එසේ තිබියදී පසු විපරමක් නොකර මුදල් බැර කිරීමකුයි සිදුවී තිබෙන්නේ."

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා මෙම වංචනික සිදුවීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ e-mail පද්ධතියට අනවසර ප්‍රවේශයක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු දක්වනු ලැබීය.

"ස්වාමිනි අපි මේ වෙද්දි ප්‍රශ්නගත e-mail ලිපිනවලට අදාළ පද්ධතිය පවත්වාගෙනයාම භාරව කටයුතු කළ ශ්‍රී ලංකා සමාගම වූ "එනෙබල්" නැමැති සමාගමින් Server login පරික්ෂා කරමින් කරමින් ඉන්නේ. එම පද්ධතියට අනවසර ප්‍රවේශයක් සිදුවී ඇති බවක් දැනට අනාවරණය වී නැහැ. සාමාන්‍යයෙන් මේ පද්ධතිය හරහා දිනකට e-mail 15,000ක් පමණ හුවමාරු වෙනවා. ඒ නිසාම එවැනි අනවසර ප්‍රවේශයක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙමින් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 162, 386, 396, 399 සහ 400 වගන්ති යටතේත්, පරිගණක අපරාධ පනත හා පොදු දේපළ පනත යටතේත් වැරදි සිදුවී ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා."

මෙහිදි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ මෙම සිදුවීමේදී චේතනාන්විතව, සාපරාධි මනස සහිතව අපරාධයක් සිදුවූ බවට කරුණු අනාවරණය වී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා,

"ස්වාමිනි, ව්‍යාජ ලෙස domain එක වෙනස්වීම පිළිබඳ 2025.10.28 දින e-mail ලිපිනවලට අදාළ පද්ධතිය පවත්වාගෙනයාම භාරව කටයුතු කළ සමාගම දැනුවත් කිරීමක් කර තිබෙනවා." යැයි සඳහන් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා පෙරළා ප්‍රශ්නකර සිටියේ මුදල් මුදාහැරීම සිදුකර ඇත්තේ එම අනතුරු ඇඟවීමට පෙරද, පසුවද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීම සිදුකිරීමෙන් පසු මුදල මුදාහැරීම සිදුකර ඇති බවයි.

e-mail හුවමාරු කරගැනීම හැර මුදල් බැරකිරීමට පෙර වෙනත් තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කර ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරියාගෙන් විමසීය.

එහිදි විමර්ශන නිලධාරියා කියාසිටියේ "සාමාන්‍යයෙන් මෙම ගනුදෙනු හා තහවුරු කරගැනීම් සිදුවන්නේ e-mail පණිවුඩ හරහායි. අනතුරු ඇඟවීමෙන් පසු, පියවරක් ගත් බව දැනට පෙනීයන්නේ නැහැ. නමුත් ගනුදෙනුව සිදුවන නිශ්චිත මොහොතේ නිවැරදි e-mail ලිපිනයෙන්ද පණිවුඩයක් ඇවිල්ලා තියෙනවා. එබැවින් තවදුරටත් Server login අපි පරික්ෂා කරමින් ඉන්නවා. අපේ පද්ධතියට වගේම ඕස්ට්‍රේලියාවේ අදාළ ආයතනයේ පද්ධතියටත් අනවසර ඇතුල්වීමක් සිදුවී තිබෙද යන්න විමර්ශනය කරනවා. මේ විමර්ශනයට මේ වෙද්දිත් Interpol එක සහ Australian Federal Police සහාය ලැබෙමින් තිබෙනවා."

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේ නීති කෘත්‍යයට අදාළව දැනට සැකකරුවන් නම්කර ඇත්ද යන්නයි.

එහිදි විමර්ශන නිලධාරියා මෙසේ පිළිතුරු දුන්නේය.

"දැනට සැකකරුවන් නම් කිරීමක් නැහැ ස්වාමිනි. නමුත් වැඩිදුර වාර්තාවේ දක්වා ඇති මේ e-mail ගනුදෙනුවලට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනම් පනවන ලෙස අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු පරික්ෂා කිරීමට අවසර දෙමින් නියෝග නිකුත් කරන්න. ඒ වගේම මේ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, රජයේ රස පරීක්ෂක, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන පීඨයේ නියෝජනය සහිත තාක්ෂණික කමිටුවක් පත්කරන ලෙස අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

එකී ඉල්ලීම්වලට අවසර ලබාදුන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුර විමර්ශන සඳහා මෙසේ නියෝග කළේය.

"පළමුව මේ සිදුවීමේදී අපරාධයක් සිදුවී ඇත්දැයි සොයාබැලිය යුතුයි. එසේ වී ඇත්නම් එම අපරාධය සිදුකළේ කවුදැයි දෙවනුව සොයාබැලිය යුතුයි. ඒ වගේම මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීම අවශ්‍යයි. එම පියවර සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්න."

ඒ අනුව වැඩිදුර විමර්ශන ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුව ජුනි මස 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana