header logo
Vallibel FD
උණුසුම් පුවත්
ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි
Apr 28, 202607:31 PM
ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි
Mobitel 1278

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු "එහිපස්සිකෝ" සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

“චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” යන බුදුරජාණන් වහන්සේගේ දේශනාව පදනම් කරගනිමින් කරුණාවේ සහ මෛත්‍රීයේ පණිවිඩය රැගෙන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු විදෙස් භික්ෂුන්වහන්සේ දොළොස් නමකගේ සහභාගිත්වයෙන් පසුගිය 22 වනදා දඹුල් රජමහා විහාරස්ථානය අසළින් ආරම්භ කෙරුණු සාමයේ පා ගමන කි.මි 210කට වැඩි දුරක් ගෙවා අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ළඟා විය.

මෙහිදී ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ වෙත භාරදීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඇතුළු කණ්ඩායම මෙරට සිදු කළ පාද චාරිකාව අප රට තුළ නව ධර්ම උද්යෝගයක් නිර්මාණය කළ බවත්, එමෙන්ම විනයධර සහ ධර්මධර ස්වාමීන්වහන්සේ කෙරෙහි මෙරට පොදු ජනතාව තුළ තිබෙන මහත් භක්තිය සහ ගෞරවය එමඟින් පෙන්නුම් කළ බවත්ය. උන්වහන්සේගේ දේශනාව වූ සතිමත් බව පුහුණු කරමින් සාමයේ දිවයින මනුෂ්‍යත්වයේ දිවයින බවට පත් කිරීමට කැපවෙමුයි සියලුදෙනාට ආරාධනා කළේය.

අද රට තුළ ඉදහිට සිදුවන ඇතැම් සිදුවීම් ආගමික ප්‍රබෝධය පිළිබඳ ජනතාව තුළ බිඳ වැටීමක් ඇති කරන බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ආගමික සංස්ථාවන්හි ගෞරවය සහ වටිනාකමත්, ධර්මයේ හරයත් ආරක්ෂා කර ගැනීමට සියලු ආගමික නායකයන්ට මහඟු වගකීමක් පැවරී තිබෙන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කළේය.

මෙහිදි විශේෂ අනුශාසනාවක් සිදු කළ පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අනාගතයේ කෙදිනක හෝ ඇමරිකාවේ බුදු දහම පිළිබඳ කතා කරන තැනක ලංකාවෙන් වැඩම කළ බෝධින් වහන්සේ සහ ධාතුන් වහන්සේ පිළිබඳ මෙම ඓතිහාසික අවස්ථාව සිහිපත් කරනු ඇති බවයි. එය ශ්‍රී ලාංකික ජාතිය ලෙස ඇමරිකාවේ බුදු දහම පිළිබඳ ආඩම්බර විය හැකි ඓතිහාසික අවස්ථාවක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

අපගේ ආරාධනාව පිළිගෙන ශ්‍රී ලංකාවට වැඩම කොට එම සාම මෙහෙවරේ යෙදීම පිළිබඳ මම පළමුකොටම අපේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ වෙත ස්තූතිය පිරිනමනවා. එමෙන්ම එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ වෙත ස්තූතිය පිරිනැමිය යුතුයි.

සාමයේ වටිනාකම පිළිබඳව ශ්‍රී ලංකාවට බොහෝ අත්දැකීම් තිබෙනවා. අපි දිගුකාලීන යුද්ධයේ විනාශාකාරීත්වය පිළිබඳ ඉතා ඛේදනීය අත්දැකීම්වලින් යුත් පිරිසක්. එනම් සාමය කෙතරම් වැදගත්ද, ලෝක සාමය මොනතරම් කාර්යයක් ලෝකය වෙනුවෙන් ඉටු කරයිද කියන බලාපොරොත්තුව අපි සියලුදෙනා තුළ තිබෙනවා. ඒ සඳහා පඤ්ඤකර ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේ දරන වෙහෙස පිළිබඳ අපේ කෘතඥතාව සහ ගෞරවය පුද කළයුතුයි.

ධර්ම පාද චාරිකා ශ්‍රී ලංකාවේ අපිට අලුත් දෙයක් නොවෙයි. එය අපේ සංස්කෘතියේම කොටසක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ පළමු අග්‍ර ශ්‍රාවකයන්ට දේශනා කළේ “ චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙන්. මම හිතනවා එම බුදු වදන පෙරදැරි කරගනිමින් ලෝකය පුරා වෙසෙන අපේ ගරුතර මහා සංඝරත්නය වසර දහස් ගණනක් එම ධර්ම චාරිකාවේ පොදු ජන හිත සුව පිණිස වැඩම කර තිබෙනවා.

මහිදු මහා රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය අපේ රටේ මහා සංස්කෘතියක් නිර්මාණය කිරීමට දායක වුණා. අනතුරුව අපි දන්නවා 17 වන සියවස පමණ වන විට අපේ උපසම්පදා භික්ෂුව අපිට අහිමි වී තිබුණා. ඒ නිසා නැවත ශාසනය පිහිටුවීමේ අභියෝගයට අපි මුහුණ දී තිබුණා. එහිදී අපේ සරණංකර සංඝරාජ මහා හිමියන්ගේ නායකත්වය සහ මැදිහත්වීම මත සියම් දේශයෙන් වැඩම කළ උපාලි නායක හිමිපාණන් වහන්සේ විසින් අපේ රටේ නැවත භික්ෂු ශාසනය ස්ථාපිත කළා. එය තායිලන්තයේ සිට සිදුකළ චාරිකාවේ ප්‍රතිඵලයක්. ඒ වගේම වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ විශාල ධර්ම චාරිකාවක නිරත වුණා. ධර්ම පොත් පත් ගවේෂණය කරමින්, සංඝයා වහන්සේ පිළිබඳ පැතිරි තිබු දුර්මත ඉවත් කරමින් පොදු ජනයා වෙත ධර්මයේ තිබෙන හරය ගෙන යාමට කටයුතු කළා. ඒ නිසා මේ චාරිකා සහ වැඩම කරවීම් පිළිබඳ අපිට දිගු ඉතිහාසයක් අපිට තිබෙනවා.

අපේ හාමුදුරුවන් වහන්සේලා ගම්, නියම්ගම් කරා අවුරුදු දෙදහසකට වැඩි කාලයක්, තමන්ගේ දෙපා ගෙවෙනවා නම් ගෙවෙන තරමට, තමන්ගේ හඩ වියැකි යනවා නම් වියැකෙන තරමට දේශනා කරමින් ධර්ම චාරිකාවේ යෙදුණා. මම හිතනවා අපේ පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ ඇතුළු කණ්ඩායමේ මෙම පාද චාරිකාව අප රට තුළ අලුත් ධර්ම උද්යෝගයක් නිර්මාණය කළා. විනයධර සහ ධර්මධර ස්වාමීන්වහන්සේ කෙරෙහි අපේ පොදු ජනතාව පිළිබඳ මොනතරම් භක්තියක් සහ විශ්වාසය තිබෙනවාද කියලා මෙම චාරිකාවෙන් සනාථ වුණා. බෞද්ධ ජනතාව ඉතා පිබිදීමකින් මඟ දෙපස රැදි සිටිමින් උන්වහන්සේ කෙරෙහි තමන්ගේ ගෞරවය සහ ආදරය ප්‍රකාශයට පත් කරන අයුරු අපි දුටුවා. එය බුදු දහමේ විමුක්තියේ හරය පොදු ජනතාව තුළ කා වැද්දීමට විශාල ව්‍යායාමයක් වුණා කියලා අපි විශ්වාස කරනවා.

අපේ රටේ ඉතිහාසය දෙස බැලුවොත් ආර්ථික සමෘද්ධිය අත්පත් කරගත් සෑම අවස්ථාවකම ආගමික ප්‍රබෝධය අත්පත්කරගෙන තිබෙනවා. ආගමික ප්‍රබෝධය බිඳ වැටුණු සෑම අවස්ථාවකම ආර්ථිකය සහ සමාජය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා අපේ ආර්ථිකය, සමාජය උසස් ලෙස වර්ධනය කරවා නම් ඒ හා සමාන ලෙස නව ආගමික ප්‍රබෝධයක් අවශ්‍යයි.

අද අපිට දකින්න තිබෙන දේ, විශාල පරිමාවෙන් නොවුණත් ඉදහිට සිදුවන සිදුවීම් අපේ ආගමික ප්‍රබෝධය පිළිබඳ ජනතාව තුළ බිඳ වැටීමක් ඇති කරනවා. ඒ නිසා විශේෂයෙන් අපේ සියලුම ආගමික නායකයන්ට එම ආගමික සංස්ථාවන්වල ගෞරවය සහ වටිනාකම, ඓතිහාසික උරුමය, ධර්මයේ හරය මේ සියල්ල ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙනවා. රජයක් ලෙස අපි ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දීමට සූදානම්.

අපේ රට නිවුණු රටක්, ගැටුම් නොමැති රටක් බවට පත් කර ගැනීමට නම් නීතිය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ඇතිතරම් පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන ස්ථාපිත කර තිබෙනවා. ඒ ආයතන සඳහා පහසුකම් සපයා දී තිබෙනවා. හැබැයි රට දැහැමි වී තිබෙනවද? නීතිගරුක වී තිබෙනවද? අපි විශ්වාස කරනවා රට දැහැමි සහ නීතිගරුක කිරීමේදී අපේ ආගමික සංස්ථාවන්වලට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.

අපේ රට සංවර්ධනය සහ සාමකාමී සමාජයක් කරා ගෙන යන ගමනේදී ආගමික ප්‍රබෝධයක සහ ආගමට නැඹුරු වූ සමාජයක් අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා. සාමය පිළිබඳ කතිකාවේදී අපේ රට ලෝකයට විශාල උදාහරණ ලබා දිය හැකි භූමියක්. යුද ගැටුම්, එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය අවිශ්වාසය ගොඩනැගී තිබුණා. නමුත් අපි රටක් ලෙස ක්‍රමානූකූලව එකිනෙකා අතර වෛරය ක්‍රෝධය. අවිශ්වාසය සමනය කර ගනිමින් සාමකාමී රාජ්‍යයක් සහ එකිනෙකාගේ සංස්කෘතින්වලට ගරුකරන සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර රැසක් අත්පත් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වගේම ලෝකය පුරා බහුතර ජනතාවගේ අපේක්ෂාව සාමයයි. බහුතර ජනතාව සාමය අපේක්ෂා කර තිබියදී ගැටුම් ඇතිවන්නේ කෙසේද, මේ මොහොතේත් ලෝකයේ රාජ්‍යයන් ගණනාවක යුද්ධය පැතිරී තිබෙනවා. අපි සිතුවොත් තාවකාලිකව යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වයක් සිටිනවා කියලා, යුද්ධය තාවකාලීකව ජයග්‍රහණය කළ රටක් පවා කියන්නේ අපිට අවශ්‍ය සාමය කියලයි. එයයි යථාර්ථය. හැබැයි පොදු ජනයා සාමය කෙරෙහි විශ්වාස තබා තිබියදී ඇයි යුද්ධය ඇති වන්නේ. එක පැත්තකින් සාමය ගැන පොදු ජනතාව අපේක්ෂා තබන අතරම, යුද්ධය පිළිබඳ බලඅධිකාරීන් විශ්වාස කරනවා.

සැකයෙන්, අවිශ්වාසයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් තොර රාජ්‍යයක් ජන සමාජයක් පොදු ජනතාව අපේක්ෂා කරන අතර අන්තවාදීන්, කුමන්ත්‍රණකරුවන් අසමගියේ සහ ජාතිවාදයේ ගැටුම් අපේක්ෂා කරනවා. එනම් සාමයට ලැදි මහා ජනතාවක් අභිබවා අතළොස්සක් යුද්ධයේ න්‍යාය පත්‍රය අතට ගෙන මෙහෙයවමින් සිටිනවා. ඒ නිසා අපේ මාතෘ භූමියත්, ලෝකයත් බහුජනයා අපේක්ෂා කරන සාමයේ මාවතට අවතීර්ණ විය යුතුයි.

අපේ පඤ්ඥාකාර ස්වාමීන්වහන්සේත්, අපිත් මේ ව්‍යසනය දකිනවා. මේ ව්‍යසනය ඇතිවීමට හේතුව ලෙස උන්වහන්සේ දේශනා කරනවා සතිය අහිමි වීම. සම්මා සතියේ පිහිටුවා කටයුතු කිරීමට අසමත්වීම. ඒ නිසා උන්වහන්සේගේ දේශනාවන්හි හරය වන්නේ සම්මා සතියේ පිහිටුවා කටයුතු කිරීමයි. ඒ සඳහා අපි සියලු දෙනා සමත් වුවහොත් කවර පීඩාවක් මධ්‍යයේ හෝ කවර තර්ජන හෝ අවදානම් මධ්‍යයේ වුවද මිනිසුන් ලෙස සම්මා සතියෙන් කටයුතු කිරීමට සූදානම් නම් අපිට හොඳම දේ කරන්න පුළුවන්. සාමයේදී පළමුවෙන්ම උඩට එන්නේ මනුෂ්‍යත්වයයි. යුද්ධයේදි පළමුව මිය යන්නේ මනුෂ්‍යත්වයයි. ඒ නිසා යළි මනුෂ්‍යයන් ලෙස සම්මා සතියෙන් යුතුව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුව තිබෙනවා. එම සම්මා සතිය පිළිබඳ අලුත් කථිකාවක් පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ අපේ රට තුළ ආරම්භ කර තිබෙනවා. මම උන්වහන්සේට අපේ කෘතඥතාව පිරිනමනවා.

මේ රට තමයි ලෝකයේ සාමයේ දිවයින. අපි උත්සාහ කරමින් සිටිනවා මේ රට ලෝකයේ ආදර්ශමත් දිවයින බවට පත් කිරීමට. ධනය, යන්ත්‍රසූත්‍රවලින් අපිට අංක එකට පත්විය නොහැකි වුවත් මනුෂ්‍යත්වයෙන් ලෝකයේ අංක එක බවට පත් විය හැකියි. ඒ සදහා අපේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් නිරන්තරයෙන් සිදු කරන දේශනා ඉවහල් වෙනවා. ඒ තුළින් අපි සාමයේ දිවයින මනුෂ්‍යත්වයේ දිවයින බවට පත්කරමු'යි සියලුදෙනාට ආරාධනා කරමින් අපේ පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නැවත ස්තූතිය පුද කරනවා.

මෙහි ප්‍රධාන අනුශාසනාව සිදු කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ

අද දින අප සැම එක්ව සිටින්නේ සාමය උදෙසා ශ්‍රී ලංකාවේ පැවැත් වූ මෙම පාගමන සාර්ථකව නිමා කරන අවස්ථාවටයි. මෙය හුදෙක් ඔබේ දේශය හරහා ‌භෞතිකව ගිය ගමනක් පමණක් නොවේ. එය එක් හදවතක සිට තවත් හදවතකට බැඳුණු සම්බන්ධතාවයක්. පියවරෙන් පියවර, නගරයෙන් නගරය පසු කරද්දී, ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි අත්දැක්කෙමු.

අපි වර්ෂාව මැද ඇවිද ගියෙමු, දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියෙමු, ශරීරයට මෙන්ම මනසටද අභියෝගයක් වූ රළු තාර පාරවල් මත පාවහන් රහිතව ඇවිද ගියෙමු. එහෙත්, සෑම දුෂ්කරතාවකදීම මේ සුන්දර රටේ ජනතාව අප නොසලකා හැරියේ නැත. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ දයාවෙනි.

අපගේ මාවත සුවපහසු කිරීමටත්, වේදනාව සමනය කිරීමටත් පාරවල් පුරා ජලය ඉස, කෙසෙල් කොළ සහ මල් ඇතිරිලි අතුරා තිබිණි.

ඔබ පෙන්වූ ගෞරවය, මුවඟ රැඳි සිනහව සහ විවෘතව ලබාදුන් රැකවරණය සැබෑ ශක්තිය කුමක්දැයි පෙන්වා දෙයි. සාමකාමී ජාතියක් යනු මෙවැන්නකි. මේ වෙනුවෙන් මගේත්, සාම පා ගමන් කණ්ඩායමේත්, මෙම ගමන අත්වින්ද සැමගේත් හෘදයාංගම ස්තූතිය පුද කරමි.

අද දින මම ඉතා වැදගත් කරුණක් සිහිපත් කිරීමට කැමැත්තෙමි. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සාමකාමීව ජීවත්වන ආකාරය පමණක් නොව, ජාතියක් ලෙස සාමය ස්ථාපිත කර පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මඟ පෙන්වා ඇත.

සමාජයක සහජීවනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග හතක් පවතී. ඒවා අතීතයේ දේශනා කළද අදටත් ඉතාමත් වලංගු වේ.

පළමුව, සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවැරදි සහ වැදගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතියක් නිරන්තරයෙන් සාමූහිකව රැස්විය යුතුය. ප්‍රඥාවෙන් සහ අවබෝධයෙන් යුතුව සන්නිවේදනය කිරීම නැවැත්වූ විට බෙදීම් ආරම්භ වේ.

දෙවනුව, එසේ රැස්වන විට සමගි සම්පන්නව රැස්විය යුතුය. සමගියෙන් කටයුතු කළ යුතුය. සමගියෙන් විසිර යා යුතුය. රැස්වීම පමණක් ප්‍රමාණවත් නොවේ; අප එකිනෙකාට සලකන ආකාරයද වැදගත් වේ.

තෙවනුව, සාමකාමී ජාතියක් යුක්තියට සහ සදාචාර මූලධර්මයට ගරු කළ යුතුය. ආවේගශීලී හෝ කිසිදු ජීවියෙකුට හානිකරන ක්‍රියා මගින් අක්‍රමිකතා ඇති නොකළ යුතුය.

සිව්වනුව, ජීවන අත්දැකීම් සහ ප්‍රඥාව ඇති වැඩිහිටියන්ට ගරු කළ යුතුය. වැඩිහිටියන් නොසලකා හරින සමාජයක වටිනාකම් ගිලිහී යයි.

පස්වනුව, කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කළ යුතුය. ආරක්ෂාව සහ ගෞරවය ඇති තැන ස්ථාවරභාවය සහ වර්ධනය පවතී.

සයවනුව, ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් සුරැකිය යුතුය. පූජනීය ස්ථාන, සම්ප්‍රදායන් සහ ඉගැන්වීම් ජාතියක අනන්‍යතාවේ නැංගුරම් වැනිය.

සත්වනුව, සාරධාර්මික ජීවිතයක් ගත කරන අයට ජාතියක් ගරු කළ යුතුය. මන්ද, ගුණවත් පුරවැසියන් යනු සමාජයක නිදහස, ස්ථාවරත්වය සහ සදාචාරය පවත්වා ගැනීමේ පදනමයි.

මෙම ගුණාංග සුරකින්නේ නම්, සාමය යනු අප හඹා යා යුතු දෙයක් නොවේ. එය අප ස්වභාවිකවම අත්විඳින දෙයක් බවට පත් වේ.


MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana