අයථා ගෙවීම සිදුවුණේ RDA එකෙන්ද ? බැංකුවෙන්ද ? නි. ඇමතිගෙන් පිළිතුරු
April 27, 2026 02:10 pm
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිඳු ආකාරයකින් ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් ඊට සම්බන්ධ ගිණුමකින් සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට, එකම ගෙවීම දෙවතාවක් සිදුකර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයථා ගෙවීමක් සිදුකර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පසුගිය දා සිදුකළ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්මෙන් අමාත්‍යවරය මේ බව පැහැදිලි කළේය.
එමෙන්ම ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදයේද කිසිදු වෙනස් කිරීමක් සිදු කර නොමැති බවද ඒ මහතා පවසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සිදුකළ එම ප්‍රකාශය තරයේ හෙළාදකින බවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාව්‍ය ප්‍රකාශයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
"ඒ ගිහිල්ලා තියෙනවා කියන්නේ ලංකා බැංකුවෙන්නේ මාර්ග සංවර්ධන ගිණුමෙන් වත් වෙනත් ගිණුමකින්වත් සතයක්වත් double Payment එකක් වෙලා නෑ. ඒක අපි ස්තීර වශයෙන් කියනවා. නිලීන් බණ්ඩාර මන්ත්‍රිතුමා කියනවා නම්, ඒ කියන කාරණා ටික සම්පූර්ණයෙන් වැරදී. "
ප්‍රශ්නය- එතකොට BOC එක හරහා සිදුවෙලා තියෙනවා කියන්නේ?
"ඒක අහන්න ඕනේ BOC එකෙන්. අපේ ප්‍රධාන ගිණුමෙන් යම්කිසි මුදලක් යවන්න තියෙනවා නම්, අපි ඒ මුදල දානවා තවත් ගිණුමකට. එ් අනුව අපි නිර්දේශ කරනවා මේ අයට ගෙවන්න කියලා. එතකොට ඒ අය ඒක ගෙවනවා. ඊට අමතරව තවත් පාරක් සල්ලි දැම්මොත් තමයි ඒ අය ගෙවන්නේ. අපි සල්ලි දාන්නේ නැතුව BOC එකෙන් සල්ලි ගෙවන්නේ නෑනේ. අපේ එ්වාට අපේ එකවුන්ට් වලින්."
"Overpayment එකක් වෙලා තියෙනවා නම් බැංකුවකින් වැරදීමකින්, ඒක මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නෙමෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සතයක්වත් නෙමෙයි. ඒක බැංකුවක් සහ කොන්ත්‍රාත්කරුවෙක් අතර සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒක මාර්ග සංවර්ධන අධිකාරිය සහ බැංකුව එක්කවත්, මාර්ග සංවර්ධන අධිකාරි සහ කොන්ත්‍රාත්කරු අතර සිදුවෙච්ච එකක්වත් නෙමෙයි."
