සාකච්ඡා සඳහා ඉරාන විදේශ අමාත්‍යවරයා අද පාකිස්තානයට යන ලකුණු
April 24, 2026 05:48 pm
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (24) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණීමට අපේක්ෂා කරන බවට මැදපෙරදිග කලාපීය මාධ්‍ය වාර්තා පවසයි.
ඒ, අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන යුද ගැටුම් නතර කිරීම සඳහා වන සාකච්ඡා සඳහාය.
දෙරට අතර සාකච්ඡා මෙම සිකුරාදා ආරම්භ කරන බවට මෙහි මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පාකිස්තානය මීට පෙර ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා මෙම සති අන්තයේදී පැවැත්වීමට අවධානය යොමුව ඇති බව අල් අරාබියා පුවත් සේවය සඳහන් කරයි.
