header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්
Apr 23, 202605:14 PM
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්
Mobitel 1278

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම හරහා සිදු වූ වංචාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය සංවිධානය විසින් අදාළ සිදුවීම පිළිබද තොරතුරු හෙළි නොකළේ නම් ආණ්ඩුව එය තවදුරටත් වසන් කරමින් සිටින බවය.

මහ භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ පාර්ශවය වෙත ලැබී නොමැති බවත් එම මුදල් පරිගණක හැකර්වරයෙකු හෝ තෙවන පාර්ශවයක් අතට පත්ව ඇති බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් ඊයේ (22) අනාවරණ කළේය.

"මේ හොරකම සිද්ධ වුණාට පස්සේ පළවෙනියෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා වගකියන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාත් මේකට සමානව වගකියන්න ඕනේ. එතුමාට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියපේරුම මහතා ඔස්ට්‍රේලියාවේ අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. එතකොට එතුමත් මේකට සම්බන්ධ ද කියලා යම් කිසිම සැකයක් මතු වෙනවා. ඒ සැකය මතුවෙනකොට ඒ පුද්ගලයා ලේකම් හැටියට තියාගෙන විමර්ශනයක් කරන්න පුළුවන් ද? මොකක්ද මේකේ තියෙන සාධාරණය. මම ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කියනවා පළවෙනියෙන් ඔබතුමාත් අයින් වෙන්න ඕනේ. ලේකම්වවත් අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ නැතිව මේ විමර්ශනය කරන්න බැහැ. මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා මේ ගැන හොයන්න. ඔස්ට්‍රේලියාවට මුදල් ගියා කියන එක ඒ අය පිළිඅරන් තියෙනවා. එතොකට මෙවැනි සිද්ධි ගැන නිකරුණේ අමතක කරලා දාන්න ඉඩ දෙන්න බෑ.

මේ රජය මේ රටේ ජනතාව රවට්ටලා තියෙන්නේ. සිද්ධිය වෙලා දැනට මාස තුනක් විතර වෙනවා. අපේ සංවිධානය විසින් මේක හෙළිදරව් කරනකම් මේක එළියට ආවේ නැහැ. මේගොල්ලොන්ට මේක කිසිසේත්ම මහජනතාව ඉදිරියට ගෙනියන්න නෑ. ඒ අවශ්‍යතාව තිබුණේ නැහැ. මේක හංගලා සම්පූර්ණයෙන්ම අමතක කරලා වළ දාන්න තමයි මේ ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියේ. බලන්න මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ඇස්වහලා ක්‍රියාකරන්න හදන ආකාරය ගැන. නිලධාරින් පැහැදිලිවම නොසැලකිලිව කටයුතු කරලා තියෙනවා කියන එක අපි පැහැදිලි කරන්න ඕනේ."

අදාළ කාරණාව පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිඛිතව ලිපියක් යොමුකරමින් දැනුම්දීමක් ද සිදුකර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, සයිබර් හැකර්වරුන් සිදුකළ අදාළ සොරකම සම්බන්ධයෙන් නීතිය බලාත්මක කරන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් කිහිපදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ