ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි 

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි 

April 23, 2026   04:16 pm

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තවත් 12 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, කෝපන්හේගන් හි වයඹ දෙසින් පිහිටි දුම්රිය හරස් මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවය. 

මෙම අනතුරට හේතු මේ දක්වා අනාවරණවී නොමැති බව කෝපන්හේගන් ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. 

තුවාල ලැබූ සියලු දෙනා ගුවන් මගින් හෝ ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.