අධික වර්ෂාවෙන් හැටන් - දික්ඔය වතු නිවාස 50ක් ජලයෙන් යට වෙයි

අධික වර්ෂාවෙන් හැටන් - දික්ඔය වතු නිවාස 50ක් ජලයෙන් යට වෙයි

April 21, 2026   05:37 pm

හැටන් දික්ඔය ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය ෆොඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව හැටන් පොලීසිය පැවසීය.
 
පොලීසිය පවසා සිටියේ එම වතුයාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇල පිටාර ගැලීමෙන් මෙසේ වතු නිවාස සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති බවයි.