ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
April 20, 2026 01:50 pm
UPDATE - ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක7.4ක භූචලනත් සමග පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත් එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක අගයක් ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පුරෝකථනය කර ඇත්තේ හොකයිඩෝ සහ ඉවාට් ප්‍රාන්තවල පැසිෆික් වෙරළ තීරයට මීටර් 03ක් දක්වා සුනාමි රළ ළඟා විය හැකි බවය.
-------------------------------
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක භූචලනයක් ඇතිවීමත් සමග මෙම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එහි සඳහන්ය.
ඉවාට් ප්‍රාන්තයේ සහ හොක්කයිඩෝහි ඇතැම් ප්‍රදේශවලට මීටර් 3ක උසැති උදම් රළ අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.
