header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ
Apr 20, 202610:28 AM
පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ
Mobitel 1278

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට දක්ෂ හා කැපවීමෙන් යුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් 952ක් සඳහා ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (19) සිදු කර තිබුණි.

ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එම ඩිප්ලෝමා ප්‍රදානය සිදු කෙරිණි‍.

මෙම ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය ප්‍රධාන සැසි වාර දෙකකින් සමන්විත වු අතර, පළමු සැසියේ දී මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ඩිප්ලෝමා පිරිනැමීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කර තිබේ.

ඒ අනුව, මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449 ක්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77ක් ලෙස වෘත්තිකයින් 526කට ඩිප්ලෝමා ප්‍රදානය කර තිබේ.

දෙවන සැසිවාරයේ දී පාසල් දන්ත චිකිත්සක සේවා (School Dental Services - SDT), ඖෂධවේදී (Pharmacy) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector - PHI) යන ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් සඳහා උසස් ඩිප්ලෝමා (Higher Diploma) පිරිනැමීම ‌‌‌සිදු කර ඇත.

ඒ අනුව, පාසල් දන්ත චිකිත්සක සේවා වෘත්තිකයින් (SDT)39ක්, ඖෂධවේදී (Pharmacy) 149ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) 238 ක් වශයෙන් වෘත්තිකයින් 426කට උසස් ඩිප්ලෝමාලා පිරිනැමීම සිදුකර තිබේ.

ඩිප්ලෝමා ප්‍රදානය කිරීමෙන් අනතුරුව උපාධිධාරීන් අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක ඉදිරි ගමනේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දක්ෂ හා කැපවූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය සෞඛ්‍ය සේවාව සඳහා අත්‍යාවශ්‍ය බව ද එතුමා පැවැසීය.

මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්තිය ඉදිරියට ගෙන යාම මෙම නව වෘත්තිකයන්ගේ වගකීමක් බව ද වෘත්තීය දියුණුව රටේ අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට විශාල ශක්තියක් වනු ඇති බව ද අවධාරණය කරන ලදී.

මේ අතර ඩිප්ලෝමාධාරී වෘත්තිකයන්ගේ සේවාව ඇගයීමට ලක්කළ අමාත්‍යවරයා එම සියළු වෘත්තිකයින් ජාතික සෞඛ්‍ය පද්ධතියේ "පෙරගමන්කරුවන්" ලෙස කටයුතු කරන බව ද පෙන්වා දෙන ලදී.

ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තීය වගකීම පැහැදිලි කළ අමාත්‍යවරයා ඩිප්ලෝමාධාරීන් හුදෙක් සුදුසුකමක් පමණක් නොව, ජාතික වගකීමක් භාරගන්නා බවත්, එම වෘත්තිකයින් යහපත් විනයෙන්, නිහතමානීකමින් සහ කැපවීමෙන් යුතුව මහජනතාවට සේවය කළ යුතු බව ද ගොඩනැගිලි හෝ පද්ධතිවලට පමණක් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යා නොහැකි බවද අවධාරණය කරන ලදී.

රජය විසින් සෞඛ්‍ය සේවාව නවීකරණය කරමින්, ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදෙමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සෑම පුරවැසියෙකුටම සමීප කරවීම සඳහා විශේෂ ආයෝජනයක් සිදු කරන බවත්, සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කිරීමේ සැළසුම්සහගත වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීම, වෘත්තිකයින්ට ක්ෂේත්‍රයේ අඛණ්ඩ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම, දේශීය හා විදේශීය අත්දැකීම් හුවමාරු කරගැනීමට අවශ්‍ය පුහුණුව ලබාදීම අඛණ්ඩව සිදුකරන බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරී වල නියුතු පවුල් සෞඛ්‍ය සේවිකා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිකයින් සඳහා යතුරුපැදි ලබාදීමෙි වැඩපිළිවෙළ මෙම වසරේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana