header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වැඩ ලොව ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි
Apr 18, 202605:03 PM
වැඩ ලොව ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි
Mobitel 1278

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 190 දරන වැඩ ලොව ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඊට අදාළ ලේඛණය පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සුමිත් දිසානායක මහතා විසින් එය භාර දෙනු ලැබුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහලේකම් ගිල්බර්ට් එෆ්. හුන්ග්බෝ මහතා වෙතය.

එහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මෙම සම්මුතිය අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකාව කම්කරු ප්‍රජාවගේ ගෞරවය, සමානාත්මතාවය සහ ගරුත්වය තවදුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය කැපවීම යළි යළිත් තහවුරු කරන බවය.

එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් මෙම සුවිශේෂි පියවර අතිශය වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

අනුමත කළ සම්මුතීන්ට අනුව නීති හා ආයතනික රාමු සකස් කර ගැනීමට ශ්‍රී ලංකා රජය ඇතුළු පාර්ශවයන්ට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහාය ලබා දීමට සූදානම් බවද එහි මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සුමිත් දිසානායක මහතා පෙන්වා දුන්නේ මෙම සම්මුතිය අනුමත කිරීම මගින් සෑම පුද්ගලයෙකුටම කිසිදු හිංසනයකින් තොරව වැඩ පරිසරයක ජීවත්වීමට ඇති අයිතියට ගරු කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ යථාර්ථයක් කර ගැනීම සඳහා වත්මන් රජයේ කැපවීම පෙන්නුම් කරන බවය.

මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීයව අවශ්‍ය නීතිමය විධිවිධාන හඳුන්වාදීමට, දැනට පවතින කම්කරු නීති සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක190 දරන වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කිරීමේ ලේඛනය පසුගිය ජනවාරි 08 වැනිදා කොළඹ දී චාරිත්‍රානුකූලව සහ උත්සවාකාරයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත ජොනී සිම්සන් මෙනෙවිය වෙත භාර දෙනු ලැබුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසිනි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 190 දරන සම්මුතිය යනු වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වැළැක්වීම සහ එයට මුහුණදීම සඳහා පැහැදිලි හා සංවිධිත පදනමක් සපයන පළමු ජාත්‍යන්තර නීත්‍යානුකූල ලේඛනය වේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටු දැකීමද මෙම සම්මුතියට ඇතුළත් වීම විශේෂත්වයකි.

මේ සමග ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 190 දරන සම්මුතිය අත්සන් තැබූ ලෝකයේ 55 වැනි සාමාජික රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වන අතර දකුණු ආසියාවේ දෙවැනි රට බවටද පත්වේ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana