රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

April 18, 2026   08:28 am

මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

රුසියානු තෙල් සඳහා තාවකාලික සම්බාධක නිදහස් කිරීම දීර්ඝ නොකරන බවට අමෙරිකාව ඉකුත් බදාදා (15) ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙලෙස අවසරය ලබාදී තිබීම සුවිශේෂීය.

ඒ අනුව අමෙරිකානු වේලාවෙන් ඊයේ සිට මැයි 16 දක්වා රුසියානු තෙල් මිලදී ගැනීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මෙම අවසරය ලබා දී තිබේ.