header logo
Vallibel FD
උණුසුම් පුවත්
බාල ගල්අඟුරු සිද්ධිය සහ ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන සම්පුර්ණ කතාව
Apr 17, 202607:06 PM
බාල ගල්අඟුරු සිද්ධිය සහ ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන සම්පුර්ණ කතාව
Mobitel 1278

ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ගල්අඟුරු ආනයනයේදී හා විදුලිය නිපදවීමේදී නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (17) දහවල් නිවේදනය කළේය.

මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසුව 2025/26 වාරය සඳහා ගල්අඟුරු ආනයන ටෙන්ඩරය එතෙක් සැපයූ සමාගමෙන් ඉවත්කර නව සමාගමකට ප්‍රදානය කර තිබුණි.

එහෙත් ආණ්ඩුව ටෙන්ඩර් රෙගුලාසි හා පිරිවිතර වෙනස් කර එම සමාගමට ටෙන්ඩරය දී ඇති බවත්, ඉන් ගෙන්වූ ගල්අඟුරු ප්‍රමිතියෙන් බාල බවට පරීක්ෂණ වාර්තාවලින් හෙළිවී ඇති බවත් විපක්ෂය ඉකුත් ජනවාරි මාසයේදී මුල්වරට කරුණු අනාවරණ කළේය.

ඉන් පසුව පෙර පැවති ලංකා විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ නිල වාර්තාවේ සඳහන් වූයේ ආනයනික නැව් 9ක ගල්අඟුරු භාවිතයෙන් වන තක්සේරුගත සෘජු අලාභය රුපියල් මිලියන 8,497ක් බවය.

මේ පිළිබඳ චෝදනාව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙත එල්ල වුණි.

එවන් පසුබිමක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මීට අදාළව විගණකාධිපතිවරයාගෙන් ඉල්ලූ වාර්තාව අප්‍රෙල් 07 වෙනිදා නිකුත් කෙරුණි.

ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් වීම, ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබීම ඇතුළු මතභේදාත්මක අනාවරණ රැසක් එකී විගණන වාර්තාවෙන් හෙළි කර තිබුණි.

මේ හේතුවෙන් විපක්ෂය රජයට බල කළේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාව ධුරයෙන් ඉවත් කර විමර්ශනයක් කරන ලෙසය.

නමුත් ඔහුට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජ කිරීමට ආණ්ඩු පක්ෂය පියවර ගත්තේය.

ඉන් පසු රජය නිවේදනය කළේ 2009 වසරේ සිටම සිදුකළ ගල්අඟුරු ආනයනයන් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් සිදුකරන බවය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ගල් අඟුරු ආනයනයේදී හා විදුලිය නිපදවීමේදී නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද දහවල් නිවේදනය කළේය.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා ද පත්කර තිබේ.

එම නිවේදනයෙන් සුළු වේලාවකට පසුව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරුන් අද සිය ධුරවලින් ඉල්ලා අස්වූ බවයි.

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් අමාත්‍යවරයා සහ ලේකම්වරයා මෙලෙස ධුරවලින් ඉල්ලා අස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට