header logo
Vallibel FD
උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධය සහ IMF පුරෝකථනය
Apr 16, 202604:12 PM
මැදපෙරදිග යුද්ධය සහ IMF පුරෝකථනය
Mobitel 1278

ඉරාන යුද්ධය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

එමෙන්ම යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි ගෝලීය ආර්ථික වාතාවරණය පිළිබඳවත් එමඟින් අනතුරු ඇඟවීමක් කර ඇත.

දීර්ඝ කාලීනව යුද්ධය පැවතීමෙන් තෙල් මිල ඉහළ මට්ටමකට පත්වීම ගෝලීය ආර්ථික අවපාතයකට වුවත් හේතුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ඒ සමඟ දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයන් පහත වැටීමක් අපේක්ෂා කළ හැකිය.

කෙසේ නමුත් AI තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සාපේක්ෂව යහපත් මට්ටමක පවතිනු ඇති බවත්, බලශක්ති මිල ඉහළයාම සහ සැපයුම් අඩාලවීම් තුළින් චීනයේ සහ යුරෝපයේ ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි බවත් IMF වාර්තාව මගින් සඳහන් කරයි.

මෙහිදී ඉරාන යුද්ධයෙන් වැඩිම බලපෑමට ලක්වන කණ්ඩායම ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ නැගී එන වෙළෙඳපොළ රටවල්ය.

කෙසේ නමුත් ඉන්දියාව ඇතුළු රටවල් රැසක් විකල්ප වෙළෙඳපොළ සහ සැපයුම් මුලාශ්‍ර වෙත යොමුවිය හැකි බවත් IMF සඳහන් කරයි.

ඉන්ධන සැපයුම් මත යැපෙන ආර්ථිකයට මෙහිදී වැඩිම පීඩාවන් ඇතිවන බව IMF පෙන්වා දෙයි.

ඉරාන යුද්ධය පදනම් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මට්ටම් තුනක පුරෝකථන ඉදිරිපත් කර තිබේ.

IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියෙරේ ඔලිවියර් විසින් ඉදිරිපත් කර ඇති එම පුරෝකථනවලට අනුව යුද්ධය උත්සන්න වීමේ දරුණුතුම වාතාවරණයකදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකිය.

එහිදී 2026 වසරේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 110 දක්වාත්, 2027 වසරේදී ඩොලර් 125 දක්වාත් ඉහළ යා හැකිය.

යුද්ධය කෙටි කාලීනව දැන් පවතින මට්ටමෙන් අවසන් වුවහොත් මේ වසරේ දෙවැනිභාගය වනවිට තෙල් බැරලයක මිල ඩොලර් 82 දක්වා අඩුවිය හැකි බව IMF පුරෝකථනය කරයි.

යුද්ධය දීර්ඝකාලීනව පැවතීමේ තත්ත්වයකදී මේ වසරේදී තෙල් බැරලයක මිල ඩොලර් 100ක මට්ටමේ පවතිනු ඇති බවත් ගෝලීය ආර්ථික වර්ධනය 2025 වසරේ පැවති 3.4%ට සාපේක්ෂව 2.5% දක්වා පහත වැටෙනු ඇති බවත් IMF සඳහන් කරයි.

ගැටුම් උත්සන්න වීමේ වාතාවරණයකදී ගෝලීය වර්ධනය 2% දක්වා පහත වැටෙනු ඇති බවත් එමගින් සඳහන් කරයි.

එමෙන්ම වඩාත් අහිතකර තත්ත්වයකදී ගෝලීය උද්ධමනය 6% දක්වා ඉහළ යා හැකි බවත්, බොහෝවිට අපේක්ෂා කළ හැකි වාතාවරණයේදී එය 4.4%ක මට්ටමේ පවතිනු ඇති බවත් IMF පුරෝකථනය කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට