පෙෂර් බලන්න ගිය වෛද්‍යවරියට නොහොබිනා වැඩක්කළ රෝගියා

පෙෂර් බලන්න ගිය වෛද්‍යවරියට නොහොබිනා වැඩක්කළ රෝගියා

April 15, 2026   11:50 am

කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබාගෙන, වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කරනු ලැබූ අයෙකු බවද සඳහන් වේ.

පොලීසිය පවසන්නේ, වෛද්‍යවරිය විසින් සැකකරුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී ඔහු ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවට පැමිණිල්ල ලැබී ඇති බවය. 

එම අවස්ථාවේදී වෛද්‍යවරිය පොලීසියට පැමිණිලි කරන බව දන්වා ඇති අතර, නැවත පරීක්ෂාවක් කිරීමේදී දෙවැනි වරටද වෛද්‍යවරියට අතවරය සිදුකර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන, පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේම ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහගම, සමගිපුර, තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (15) දින කළුතර මහේස්ත්‍රාත්  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.