වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි 

April 14, 2026   12:06 pm

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අපරභාග 12.06ට උදාවිය.

නැකැත් සීට්ටුවට අනුව රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව මෙම චාරිත්‍රය සිදු කළ යුතුය. 

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබේ.

පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සිදු කළ යුතුය.

හදිසි රාජකාරී සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් මස 17 වන සිකුරාදා පූර්ව භාග 05.38ට යෙදී ඇති අතර අප්‍රේල් මස 20 වන සදුදා පූර්ව භාග 06.27ට හෝ පුර්ව භාග 6යි 50ට රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී තිබේ.

එමෙන්ම අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01ට පැල සිටුවීමේ නැකත යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.