යුද සමයේ වැළලු ආයුධ සොයා පොලීසියෙන් විශාල මෙහෙයුමක්

යුද සමයේ වැළලු ආයුධ සොයා පොලීසියෙන් විශාල මෙහෙයුමක්

April 14, 2026   11:22 am

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) දින එම ප්‍රදේශයේ කැණීම් සිදු කර තිබේ. 

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයාගේ නියෝගයක් මත අදාළ කැණීම සිදු කර ඇති බව සඳහන්ය. 

ඒ අනුව එම භූමියේ අඩි විස්සක් පමණ ගැඹුරට කැණීම් කළ ද කිසිදු අවියක් හමු නොවූ බව පොලීසිය සඳහන් කළේය. 

ඉන් අනතුරුව අදාළ වළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.

දැඩි ආරක්ෂක රැකවල් මැද මෙම කැණීම් කටයුතු ඊයේ (13) පෙරවරු 10.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කර ඇත.