header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සියලුම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් නව ගමනක් ආරම්භ කළ යුතුයි - දිලිත් ජයවීර
Apr 14, 202610:05 AM
සියලුම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් නව ගමනක් ආරම්භ කළ යුතුයි - දිලිත් ජයවීර
Mobitel 1278

අතීතයේ සිදු වූ සියලුම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් නව ගමනක් ආරම්භ කිරීමට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අවස්ථාවක් සලසන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

උපුටාගැනීම..

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ මහා මෞලි මංගල්‍යය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දයි.

සිංහල අලුත් අවුරුද්ද මහා සංස්කෘතික මංගල්‍යයක් සේම, ඒ වටා ඉතාම දියුණු සහ විද්‍යාත්මක පසුබිමක් ද පවති.

එක් පැත්තකින් රටක් සහ ජාතියක් ලෙසත්, තනි තනිවත් අප අතීතයේ සිදු වූ සියලූම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් අලුතෙන් ආරම්භ කිරීමට සිංහල අලුත් අවුරුද්ද අවස්ථාවක් සලසයි.

තවත් පැත්තකින් ඉතා වෙහෙසකර, කාර්යබහුල ජීවිතවලට අලංකාර සහ වර්ණවත් විවේකයක් ලබාදී, අපගේ ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමටත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අවස්ථාවකි.

එමෙන්ම අප මහා සංස්කෘතියේ අංග වන කෘතගුණ සැලකීම, යුතුකම් ඉටු කිරීම, ඥාති මිත්‍රකම් රැකගැනීම ආදී උතුම් ගුණයන් ඊළඟ පරපුරට දයාද කිරීමටත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් ඉඩ සැලසේ.

මුලු රටක්ම එක මොහොතක ලිප ගිනි මොලවන, ගනුදෙනු කරන, ආගමික වතාවත්වල නිරත වන සහ ආහාර අනුභව කරනා වෙනත් රටක් ලෝකයේ නැත.

ඒ අර්ථයෙන් ශ්‍රී ලාංකේය අප ලෝකය ඉදිරියේ වෙනස් සහ චමත්කාරජනක ප්‍රජාවක් සහ සාමුහිකයක් වන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිසයි.

එය අප රැකගත යුතු සහ මතු පරපුරට උරුම කර දිය යුතු වටිනා ජාතික උරුමයකි. මේ අපගේ අමිල සංස්කෘතියයි.

මෙවර අප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ අපගේ ඒ මහා සංස්කෘතික උරුමයට තර්ජනයක් සහ අභියෝගයක් එල්ලව තිබෙනා පසුබිමකය.

ඉතිහාසයේ පළමු වරට රජය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට විශාල උනන්දුවක් දක්වන්නේ නැත. එමෙන්ම මේ මහා සංස්කෘතික මංගල්‍ය පිළිබඳ සැක ඇති කිරීමටත් ඔවුන් කටයුතු කළහ.

අප මැදිහත් වී නිවැරදි නැකැත් පත්‍රය ජාතියට තිළිණ කළේ ඒ නිසයි. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අප රැකගත යුතු, ආරක්ෂා කළ යුතු ජාතික උරුමයකි.

සිය පවුලේ ආදරණීයයන් සමගින් ගත කරනා මේ මොහොත ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතයේ චමත්කාරජනකම මොහොතයි. ඔබ මෙන්ම මම ද එහි ආශ්වාදය උපරිමයෙන් විඳිමින් සිටිමි.

ශ්‍රී ලංකාවාසී සියලූම දෙනාට කිරියෙන්, පැණියෙන් සහ සතුට ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

උපුටාගැනීම අවසන්..

MostRead
Mobitel 1278
VideoStories
සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...