මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

April 12, 2026   09:21 am

මෑත කාලයේ බුත්තලදී සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල ප්‍රදේශවයේ සිදුකළ වැටලීකමදී අදාළ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අසූ හතරයි මිලිග්‍රෑම් පනහක්, ජංගම දුරකථන දෙකක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සකස් කළ තරාදියක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෑත කාලයේ බුත්තලින් සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවද අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල ප්‍රදේශයේම පදිංචි හතලිස් හැවිරිදි අයෙකු බව සඳහන් වෙයි.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.