අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට 'QR' ක්‍රමය ඉවතට

අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට 'QR' ක්‍රමය ඉවතට

April 11, 2026   12:08 pm

උත්සව සමය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී 'QR'ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද (11) පැවති මාධ්‍ය හමුවකදී තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් 'ඔත්තේ ඉරට්ටේ' සැලකිල්ලට ගන්නා බව ද හෙතෙම පැවසීය. 

එමෙන්ම ඩීසල් වාහන සඳහා 'QR'ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

අප්‍රේල් මාසයේ පිරිපහදුකළ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිත බවත් මෙහිඳී සඳහන් කළ තෙල් සංස්ථා සභාපතිවරයා, ජූනි මස අවසන්වන තෙක් පෙට්‍රල් 92 හා 95 හිඟයකින් තොරව ලබාදීමේ හැකියාව තිබෙන බව වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඒ මහතා සඳහන් කළේ තහවුරු කරගත් නෞකාව අනුව මැයි අවසන් වනතෙක් ඩීසල් ලබාදීමට හැකියාව ඇති බවය.

මේ අතර අප්‍රේල් 13වනදා විදුලිය සඳහා ෆර්නස් ඔයිල් (Furnace Oil) මෙ.ටො. 30,000ක් රැගත් නෞකාවක් පැමිණෙනන් බවත්, ඒ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මෙහිදී පෙන්වා දුන්නේය.